ලොරිය වෑන් රිය මතින් යයි තිදෙනෙකුට බරපතලයි.

මුලතිව් මාන්කුලම් පනික්කන්කුලම් ප්‍රදේශයේදී වෑන් රථයක් ඉදිරිපසින් ගැටී එය මතින් ධාවනය කළ ලොරියක් හේතුවෙන් තිදෙනෙක් බරපතල තුවාල ලබා තිබේ.
වෑන් රථය අනුරාධපුර සිට කිලිනොච්චිය බලා යමින් තිබූ අතර ලොරිය කිලිනොච්චියේ සිට වවුනියාව දෙසට ධාවනය වෙමින් තිබී ඇත. වෑන් රථයේ ගමන් ගත් තිදෙනා පොලීසියේ සහය ඇතිව රෝහල් ගත කර ඇත.
