ලොතරැයිය දිනූ කම්කරුවාට වල කැපූ යාලුවෝ

රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක ලොතරැයි දිනුමක් මීට සති දෙකකට පමණ ඉහත දී හිමිකරගත් පුද්ගලයකුට ඔහුගේ මිත්‍රයන් විසින් හෙරොයින් මත් පානයට ඇබ්බැහි කර වීම හේතුවෙන් හෙරොයින් මත් කුඩු සමග පොලිසියට කොටුවි රක්ෂිත බන්ධනාගාර ගත වීමේ සිද්ධියක් කටුගස්තොට පොලිස් වසමෙන් වාර්තා වේ.
මහනුවර මහ නගර සභාවේ කම්කරුවෙකු වශයෙන් සේවය කොට ඇති එම පුද්ගලයාට මීට සති කීපයකට පෙර මහජන සම්පත ලොතරැයි දිනුමකින් රුපියල් දෙකෝටි අනු ලක්ෂයක පමණ මුදලක් දිනා ගෙන ඇති අතර එම දිනුමෙන් ජනාධිපති අරමුදලට බැර විය යුතු මුදල අයින් කළ විට දෙකෝටි පනස් ලක්ෂයක මුදලක් හිමිව තිබෙන්නේ මීට සති දෙකකට පමණ ඉහත දීය . ත්‍යාග මුදල හිමි කරගෙන පැමිණීමෙන් පසු ඔහුගේ මිතුරන් විසින් ඔහුව හෙරොයින් මත්කුඩු භාවිතයට ඇබ්බැහි කොට තිබේ. ඔහු තම මිතුරන් දෙදෙනෙකුද සමගින් මත්කුඩු භාවිතා කරමින් සිටියදී කටුගස්තොට පොලීසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සේනාරත්න මහතා ට ලද තොරතුරකට අනුව සිදු කරන ලද වැටලීමකදී ලොතරැයි හිමිකරු මත් කුඩු මිලි ග්‍රෑම් 1600ක් සමග අත් අඩංගුවට ගැනීමට හැකි වී තිබෙන අතර ඔවුන්ගේ මිතුරන් සන්තකයේ තිබී තවත් මත් කුඩු මිලිග්‍රෑම් 1400 කට ආසන්න ප්‍රමාණයක් ද සොයා ගෙන තිබේ.
ලොතරැයි හිම්කරු මහනුවර මහේස්ත්‍රාත් දුමින්ද මුදුන්කොටුව මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මාර්තු මස 03 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේ ය.