ලොකු ලූනු මිල පාලනයට පියවර

 ලොකු ලූනු මිල පාලනයට පියවර

පවතින ඉහළ මිල ගණන් නිසා පාරිභෝගික ජනතාවට එල්ල වී ඇති පීඩනය සළකා ආනයනික ලොකු ලූනු සඳහා රුපියල් 190ක උපරිම සිල්ලර මිලක් නියම කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය තීන්දු කරයි. ඒ අනුව ඊට ඉහළ මිල ගණන්වලට ආනයකික ලොකු ලූනු අලෙවි කිරීම වරදක් වනු ඇත. පාරිභෝගික කටයුතු අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ නියම කරන ලද මිලට වඩා වැඩි මිලකට ලොකු ලූනු අලෙවි කරන වෙළඳුන් පිළිබඳ දැනුම් දෙන ලෙසයි.

කෙසේවෙතත් දඹුල්ල ඇතුළු ප්‍රදේශවලින් දේශීය ලොකු ලූනු අස්වැන්න වෙළඳපොලට ලැබෙනතුරු මිල ගණන් ඉහළ මට්ටමක පවතිනු ඇතැයි වෙළඳුන් පවසයි. ඒ අතර විදෙස් තොරතුරු සඳහන් කරන්නේ පවතින ගෝලීය තත්ත්වයන් සළකා ඉන්දියාවද ලොකු ලූනු ඇතුළු නිෂ්පාදන කිහිපයක් අපනයනය කිරීම සීමා කරනු ඇති බවයි. එසේ වුවහොත් ලොකු ලූනු මිල තවදුරටත් ඉහළ මට්ටමක පවතිනු ඇතැයි යන්න වෙළඳුන්ගේ අදහසයි.

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *