ලෙබනනයේ නීතිවිරෝධී ව රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට කොන්දේසි සහිත පොදු සමාකාලයක්

ලෙබනනයේ නීතිවිරෝධීව රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට කොන්දේසි සහිත පොදු සමාකාලයක් ලබාදීමට එරට රජය විසින් එකඟ වී තිබේ. එරට සේවය කරන එහෙත් නීත්‍යානුකූල ලියකියවිලි නොමැති ශ්‍රී ලාංකිකයන්ට සිය කැමැත්ත මත මෙම පොදු සමාකාලය තුල ශ්‍රී ලංකාවට පැමිණීමට අවස්ථාව හිමිවේ.
මේ සඳහා ලෙබනනයේ නීතිවිරෝධිව රැඳී සිටි කාලය නොසලකන අතර එහෙත් දඩමුදල් ලෙස පිරිමි ශ්‍රමිකයෙකුට ලෙබනන ලීරා ලක්ෂ 4 හා කාන්තා ශ්‍රමිකයෙකුට ලක්ෂ 3 බැගින් අය කෙරේ. සාපරාධී චෝදනාවලට ලක්ව සිටින ශ්‍රමිකයන්හට අදාල චෝදනා සදහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමෙන් අනතුරුව මෙම සමාව ගත හැකිය.
ඒ අනුව ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වන ශ්‍රමිකයින්ට ලෙබනන් හී ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වීමෙන් අනතුරුව එරටින් පිටවීමේ බලපත්‍රය ලබාගැනිමට පහසුකම් සළසා ඇත.
කොරෝනා වයිරසය රට තුල ව්‍යාප්තිය හේතුවෙන් මාර්තු 15 සිට අප්‍රේල් 12 දක්වා ලෙබනනය සම්පූර්ණයෙන්ම වසා ඇති බැවින් තමන්ගේ තොරතුරු ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ විද්‍යුත් ලිපිනයට හෝ වට්ස්ඇප් ලිපිනයට යොමු කිරිමට එරට සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව ලබා දී තිබේ. එලෙස ලබාදෙන තොරතුරු අධ්‍යනය කිරීමෙන් අනතුරුව ලෙබනනයෙන් පිටවීමේ බලපත්‍රය ලබාදිය හැකි අය තානාපති කාර්යාලයේ ලියාපදිංචි කෙරේ.
ලියාපදිංචි කල තොරතුරු ලෙබනන් රජයට ලබාදීමෙන් අනතුරුව පිටවීමේ බලපත්‍රය ලබාදිමට කටයුතු කරන අතර ඒ අනුව ශ්‍රී ලංකාවට පැමිණීමට අවස්ථාව හිමිවන්නේ ශ්‍රී ලංකාවේ හා ලෙබනනයේ ගුවන් තොටුපලවල් දෙරට අතර ගුවන් ගමන් සඳහා විවෘත කිරිමෙන් අනතුරුවය.
කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම හේතුවෙන් විදේශයන් හී සිට ශ්‍රී ලංකාවට ඇතුළුවීම සඳහා අවසර හිමිවන්නේ මෙරට සෞඛ්‍ය අංශ උපදෙස් මත රජය ගන්නා තීරණ අනුව ය.