ලිවේරාට එරෙහිව නීතීඥයෝ පාරට

නීතිපති දප්පුලද ලිවේරා මහතා අත්තනෝමතිකව කටයුතු කරන බව පවසමින් අද (23) නීතීඥවරු පිරිසක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට විරෝධතා දැක්වූහ.

ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීමට නියෝග කිරීම වැනි සිද්ධීන්වලදී නීතිපතිවරයා සිය සීමාව ඉක්මවා අත්තනෝමතිකව කටයුතු කරන බව නිහඬ විරෝධයට එක් වූ නීතිවේදීන්ගේ මතයයි. ඔවුන්ට අනුව එවන් කටයුතු නීතිපතිවරයාගේ ක්‍රියාකලාපය නොවිය යුතුය.
මේ අතර අධිකරණයට අපහාස කළ බව පැවසෙන විශ්‍රාමික මේජර් නීතීඥ අජිත් ප්‍රසන්න එළඹෙන 07 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කොට තිබේ.