ලියා අවසන් වූ පසු පැළ කළ හැකි පෑනක්
නිමල් කොළඹිස්ස – මහනුවර
භාවිත කොට අවසන් වූ පසු පැළ කළ හැකි පරිසර හිතකාමී පෑනක් නිපදවීමට මහනුවර ව්‍යවසායකයෙකු සමත්වී ඇත.
පාසල් පද්ධතිය තුළ පමණක් භාවිතයෙන් පසු පෑන් කිලෝග්රූම් හත්ලක්ෂ පනස්නම දහසක් වසරකට පරිසරයට මුදා හැරේ. ඉන් සිදුවන පරිසර හානිය අවම කිරීම අරමුණු කර ගනිමින් මෙම නව පෑන නිපදවා ඇත.
පරිසර හිතකාමී අමුද්‍රව්‍ය යොදා සකස් කර ඇති මෙම පෑන භාවිත කිරීමෙන් පසු පැළ කිරීමේ හැකියාව ඇතැයි මහනුවර වත්තේගම ප්‍රදේශයේ ව්‍යාපාරික ආයතනය පවත්වාගෙන යන එහි නිර්මාතෘ කුමාර සුජින්තන් මහතා පැවසීය.
සම්පූර්ණයෙන්ම දිරාපත්වන අමුද්‍රව්‍ය පමණක් යොදා නිපදවා ඇති මෙම පෑන භාවිතා කිරීමෙන් අනතුරුව ක්ෂේත්‍රයේ පැළ කළ හැකිවීම විශේෂත්වයකි. ඒ අනුව එළවළු, කුළුබඩු සහ මල් වර්ග මෙම පෑන ඇසුරින් වගා කළ හැකි අතර අවශ්‍යතාව අනුව දෙහි වැනි පැඟිරි කුලයේ ශාඛ වගා කිරීමට ද අපේක්ෂා කරන බව එහි නිර්මාතෘවරයා සඳහන් කළේය.
කොරෝනා වසංගත තත්ත්වය පැවැති වකවානුවේදී පර්යේෂණ කොට හදුන්වා දුන් මෙම පෑන එදිනොදා භාවිතා කරන පෑනක ප්‍රමාණයෙන් හා බරින් යුක්තය. ඒ හා සමාන මිලක් වන මෙම පෑන පාසල් දරු දැරියන් සඳහා වෙළඳ පොල මිලට වඩා අඩු මිලකට සැපයිය හැකි යැයි කුමාර සුජින්තන් මහතා ප්‍රකාශ කළේය.
මේ වන විට දේශීය වෙළඳ පොල මෙන්ම ඇමරිකාව, කැනඩාව, නෙදර්ලන්නය, එංගලන්තය, ඉතාලිය, ජර්මනිය, ජපානය, මැදපෙරදිග කලාපය, ඉන්දියාව, බංගලාදේශය සහ මාලදිවයින යන රටවල වෙළඳ පොල කරා මෙම පෑන අපනයනය කරන බව ඒ මහතා කීවේය.