ලිංගිකත්වය හා ප්‍රජනනය ගැන ඉස්කෝලවලට අලුත් පාඩම්

ඉහළ යමින් පවතින ළමා අපයෝජන වැළැක්වීමේ අරමුණින් ප්‍රාථමික පංතිවල සිට උසස්පෙළ දක්වා අතිරේක කියවීම් පොත් පෙළක් සහ නව විෂය නිර්දේශයක් සැකසීමට අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අද (17) තීන්දු කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කමිටුව ගත් මෙම තීරණය ලබන 20 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
සෞඛ්‍ය විෂය හර විෂයක් ලෙස නම්කොට පාසල්වල ඉගැන්වීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරුණු අතර ගුරුවරුන්ටද විධිමත් ලෙස ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳ ඉගැන්විය යුතු බව යෝජනා වුණා. දැනට මෙරට ලිංගික අධ්‍යාපනය ලබාදීම සහ ප්‍රජනන සෞඛ්‍ය ඉගැන්වීම ඉතා ප්‍රාථමික මට්ටමක පවතින අතර ඒවා වැඩිදියුණු කිරීමේදී ඇතැම් පාර්ශව වැරදි මත සමාජගත කරන බවද මෙහිදී කාරක සභාව හමුවේ විද්වතුන් කිහිපදෙනෙකුම පෙන්වා දුන්නා.
දේශීය සංස්කෘතියට හානිදායක නොවන අයුරින් ලිංගිකත්වය හා ප්‍රජනනය ගැන දැනුම සම්පාදන කරන කෘති කිහිපයක් ලිවීමට අදාල අංශවල සහයෝගය ලබා ගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණා.
ලසන්ත ද සිල්වා