ලිංගනගර් කලපුවෙන් මිනිස් මළ සිරුරක්
ත්‍රිකුණාමලය – ලක්මාල් කේ. බදුගේ
ත්‍රිකුණාමලය මුලස්ථාන පොලිස් වසමට අයත් ලිංගනගර් කලපුවේ තිබි පුද්ගලයෙකුගේ මළසිරුරක් පෙරේදා (14) පස්වරුවේ සොයාගත් බව පොලිසිය කියයි.
කලපුවේ පාවෙමින් තිබු මළ සිරුර ඊට නුදුරින් ලිංගනගර් පල්ලිය පාරේ පදිංචි සම්මුගනාදන් කරුණාකරන් (49) නැමැත්තාගේ බව ප්‍රදේශවාසින් විසින් හදුනාගෙන තිබේ.
මියගිය අය සිය නිවසින් එදින පෙරවරු 10.00 ට ගොස් ඇති අතර පසුව මෙලෙස මිය ගොස් සිටිනු සොයාගෙන තිබේ. ඔහු අවිවාහක කුලි වැඩ කරන අදික ලෙස මත්පැන් වලට ඇබ්බැහිවුවෙකු බව ප්‍රදේශවාසින් කියයි.මළ සිරුරේ බාහිරින් තුවාල දක්නට නොමැති අතර මරණයට හේතුව සොයා ත්‍රිකුණාමල මුලස්ථාන පොලිසිය පරික්ෂණයක් ආරම්භ කර තිබේ.
සිද්ධිය වු ස්ථානයට පැමිණි ත්‍රිකුණාමල අතිරේක මහේස්ත්‍රාත් දර්ශණි අන්නතුරෙයි මෙනවිය මහේස්ත්රාත්පරික්ෂණය පැවැත්විමෙන් අනතුරුව පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්විම සදහා ත්‍රිකුණාමලය අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත මළ සිරුර යොමු කරන ලෙස පොලිසිය නියම කලේය.