ලාංකික සිසුන් දිවයිනට, විශේෂ යානයක් ඉන්දියාවට

 ලාංකික සිසුන් දිවයිනට, විශේෂ යානයක් ඉන්දියාවට

අද (23) උදෑසන ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ. එල් 1145 දරන විශේෂ ගුවන් යානය කටුනායක සිට ඉන්දියාවේ අම්රිත්සාර් බලා පිටත්ව ගියේ එරට උසස් අධ්‍යාපනය ලබමින් සිටින ලාංකික සිසුන් 101ක් යළි දිවයින කරා රැගෙන ඒම සඳහාය. මෙම සිසුන් කොවිඩ් 19 රෝගය ව්‍යාප්ත වීම සමග එරට කොටු වී සිටින උසස් අධ්‍යාපනය ලැබීම සඳහා ගොස් සිටින පිරිසකි.
A 320-214 වර්ගයේ මෙම යානාව අද පියාසර කළේ මගීන් රහිතව, නියමුවන් දෙදෙනා සහ කාර්ය මණ්ඩලය පමණක් සහිතවය.
ඒ අතර සිවිල් ගුවන් සේවයේ අනුමැතිය සහිතව ලාංකික මගීන් දෙදෙනෙකු ඩුබායි සිට අද මෙරටට ආහ. ඔවුන් ගුවන්තොටුපළේදී විෂබීජහරණයට ලක් කිරීමෙන් අනතුරුව නිරෝධායනය සඳහා පිටත්කර යවා ඇත.

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *