ලාංකිකයො ලංකාවට චීන්නු මාලදිවයිනට

 ලාංකිකයො ලංකාවට චීන්නු මාලදිවයිනට

චීනයේ ෂැංහයි සිට කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපල බලා පැමිණි යූ.එල් 869 ගුවන් යානයෙන් චීනයේ රැඳී සිටි ලාංකික සිසුන් ඇතුළු 150කට ආසන්න පිරිසක් අද (30) උදෑසන දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ. අප වාර්තාකරුවන්ට අනුව ඔවුන් අතුරෙන් කිසි අයෙකු ආසාධිත ලක්ෂණ නොපෙන්වුවද කොරෝනා වෛරසයේ ස්වභාවය අනුව සෞඛ්‍ය අංශවල අඛන්ඩ නිරීක්ෂණයට භාජනය වනු ඇත.

⁣මෙම යානාවෙන් කටුනායක අන්තර් හුවමාරු Transit ගුවන්තො⁣ටුපලක් ලෙස භාවිතා කරමින් ඉන්දීය, බංග්ලාදේශ හා පාකිස්ථාන සිසුන් කිහිප දෙනෙකුද පැමිණ තිබේ. එම පිරිසද චීනයේ වෛද්‍ය විද්‍යාව හා වෙනත් විෂයන් ඉගෙන ගන්නා පිරිසකි.

අප වාර්තාකරු විශේෂයෙන් සඳහන් ⁣කළේ මෙම යානයේ ආසන වෙන් කිරීමට උත්සාහ ගත් චීන ජාතිකයින් ගණනාවක් අවසන් මොහොතේ තීරණය වෙනස් කිරීම නිසා නොපැමිණීමෙන් හිස් ආසන ගණනාවක් සහිතව යානය පැමිණි බවයි. එසේ වීමට හේතුව පැමිණි පසු වීසා ලබා ගැනීමේ On Arrival අවස්ථාව රජය විසින් අත්හිටුවීමයි. එය ප්‍රශංසනීය හා අවස්ථානුකූල කටයුත්තක් බව පවසන ejournalist වාර්තාකරු පෙන්වා දෙන්නේ නොඑසේනම් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමේ වුවමනාව මත චීන ජාතිකයින් ගණනාවක් දිවයිනට පැමිණෙන්නට නියමිතව තිබූ බවයි.

කෙසේ වෙතත් මේ යානයේ ව්‍යාපාරික පංතියේ පැමිණි තවත් චීන ජාතිකයින් කිහිප දෙනෙකු කටුනායක අන්තර් හුවමාරු ගුවන් තොටුපල ලෙස භාවිතා කරමින් මාලදිවයින බලා පිටත්ව ගොස් ඇත. ඒ සංචාරක වීසා භාවිතා කරමින් මාලදිවයිනේ රැඳී සිටීමට අවස්ථාව ඇති නිසා බව වාර්තා වේ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *