ලක්ෂ්මියත් නොබැලූ ධනලෙච්චමීට දෙඅත් අහිමි වෙයි.

උණ සමඟ ඇතිවූ උදරාබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට රාගම රෝහලට ඇතුළත්වූ හැට දෙහැවිරිදි කාන්තාවකගේ දෙඅත් ප්‍රතිකාර වලින් පසු කළු පැහැ ගැන්වී ඇඟිලි අකර්මණ්‍ය වීමේ සිද්ධියක් වර්තාවෙයි.
මෙම සිද්ධියට මුහුණපා ඇත්තේ නාවලපිටිය සොලන්කන්දේ පදිංචි පී.ධනලෙච්චමී නැමැති හැටහැවිරිදි තිදරු මවකි.
රාගම රෝහලේදී ලබාදුන් වෛද්‍ය ප්‍රතිකාර වලින් පසු තමන්ගේ දෙඅත්වල මැණික් කටුවට පහළින් කොටස සම්පූර්ණයෙන්ම කළු පැහැවූ බවත් වම් අතේ මහපට ඇඟිල්ල හැර සෙසු ඇඟිලි සියල්ල අකර්මණ්‍ය වී තිබෙන බවත් ධනලක්ෂ්මී මහත්මිය පවසයි.
කටුනායක ඇවරිවත්ත ප්‍රදේශයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක සහයිකාවක් ලෙස කාලයක් සේවය කල තමන් පසුගිය ජනවාරී මස 15 දින උණ සමඟ ඇතිවූ උදරාබාධායක් හේතුවෙන් සීදුව ප්‍රාදේශිය රෝහලට ඇතුළත්වූ බව පවසන ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා පසුව එම රෝහලින් රාගම ශික්ෂණ රෝහලට මාරුකර යැවූ බවද ප්‍රකාශ කළාය.
රාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දින තුනක් සිහිනොමැතිව ප්‍රතිකාර ලබමින් සිටි බවත් සිහිය පැමිණි පසු දෙඅත් කළු පැහැගැන්වී මැණික් කටුවෙන් පහළ අප්‍රාණිකව තිබූ බවත් ධනලෙච්චමී මහත්මිය කීවාය.
දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව වාට්ටු අංක 12 ට ඇතුළත් කළ බවත් තම පුතා කළ ඉල්ලීමකට අනුව රාගම රෝහලේ වෛද්‍යවරු පෙබරවාරී මස 02 දින පේරාදෙණිය ශික්ෂණ රෝහලට තමන්ව මාරුකර එවූ බවත් කී ඇය විසි දෙනෙකුගෙන් පමණ සමන්විත වෛද්‍ය කණ්ඩායමක් එහිදී තමන් පරීක්ෂා කළ බවද ප්‍රකාශ කළාය.
මෙවැනි තත්ත්වයක් ඇති වීමට හේතුව නොදන්නා නමුත් රාගම රෝහලේදී ලබාදුන් ප්‍රතිකාරයක් වැරදීමෙන් මෙය සිදුවන්නට ඇති බවට තමන් විශ්වාස කරන බවත් ඇය පවසයි.
දැඩි ආර්ථික අපහසුතා මධ්‍යයයේ ජිවත් වන තමන්ට දැන් වැඩක් පොළක් සිදු කිරීමට නොහැකිවී තිබෙන බවත් සිදුවූ දෙයට සාධාරණයත් ඉටු කරදෙන ලෙස තමන් බලධාරීන් ගෙන් ඉල්ලා සිටින බවත් ධනලෙච්චමී මහත්මිය කීවාය.