ලංගම සේවකයන් අනතුරේ – සමස්ත ලංකා ප්‍රවාහන සේවා සංගමය
අත්‍යවශ්‍ය මගී ප්‍රවාහන සේවා සැපයීමේ කාර්යයේ අඛණ්ඩව නිරතව සිටින ලංගම සේවක පිරිස් වෙත සෞඛ්‍යාරක්ෂණ උපකරණ හා පහසුකම් සපයා ඇත්තේ අඩුවෙන් බව සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය පෙන්වා දෙයි.
එසේම දිවයින පුරා ඇති බස් ඩිපෝ විෂබීජහරණයට ලක් කිරීමද නිසි අන්දමින් සිදු නොවන බව ඔවුන් පෙන්වා දෙයි. මෙම තත්ත්වය තුළ බස් මගීහූ ද අවදානමකට මුහුණ දෙමින් සිටිති. ඒ් අනුව ලංගම සේවකයන්ට එන්නත් ලබා දීම කඩිනම් කරන මෙන් ද ඔවුහු ඉල්ලා සිටිති.