ලංකාවට ආර්ථික සහය දෙනවා – ඉන්දියාව

ශ්‍රී ලංකාව කොවිඩ්-19 වසංගතය සාර්ථකව පාලනය කරමින් බිඳ වැටුණු ආර්ථිකය යළි නගාසිටුවීමට කටයුතු කරන මේ අවස්ථාවේ ඉන්දියාව ඊට අවශ්‍යය උපරිම සහය ලබාදීමට සූදානම් බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ (Gopal Baglay) මහතා පවසයි.
කොරෝනා වසංගතය ශ්‍රී ලංකාවට හා ඉන්දියාවට පමණක් නොව ලෝකයේ සියලු රටවල් වලට විශාල බලපෑමක් එල්ල කළ බවත් මේ නිසා ලෝක ආර්ථිකයේ බිඳ වැටීමක් සිදුව තිබෙන බවත් ඒ මහතා කීය.

මහ කොමසාරිස්වරයා අද (18) ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව පැවසුවේය.
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ආගමික, සංස්කෘතික හා දේශපාලනික වශයෙන් දීර්ඝ කාලීන බැඳීමක් තිබෙන බවත් තම සේවා කාලය තුළ එම බැඳීම් තවත් ශක්තිමත් කිරීමට කටයුතු කරන බවත් බග්ලේ මහතා කීවේය.
ඉන්දීය මහ කොමසාරිස්වරයා මල්වතු අස්ගිරි මහහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක ආශිර්වාද ලබා ගැනීමටද ගියේය. අනතුරුව ඒ මහතා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා හමුවී සුහද පිළිසඳරක නිරත විය.