රෝහින්ග්‍යා සරණාගතයින් රැගත් බෝට්ටුවක් පෙරැළීමෙන් පුද්ගලයින් 15 දෙනෙක් දියේ ගිලී අතුරුදහන්

 රෝහින්ග්‍යා සරණාගතයින් රැගත් බෝට්ටුවක් පෙරැළීමෙන්  පුද්ගලයින් 15 දෙනෙක් දියේ ගිලී අතුරුදහන්

රෝහින්ග්‍යා සරණාගතයින් රැගත් බෝට්ටුවක් දකුණු බංග්ලාදේශ මුහුදු තීරයේදී පෙරැළී යාමෙන් අවම වශයෙන් පුද්ගලයින් 15 දෙනෙකුවත් දියේ ගිලී ඇති අතර තවත් බොහෝ දෙනකු අතුරුදහන් වී ඇතැයි බලධාරීහු පවසති.

බංගලාදේශයේ කඳවුරුවල සිටි සරණාගතයින් පිරිසක් මැලේසියාව වෙත ගමන් කරමින් සිටියදී මෙලෙස අනතුරට ලක්වී ඇත.

මැලේසියාවට ළඟාවීම සඳහා බෙංගාල බොක්ක තරණය කිරීමට උත්සාහ කරමින් සිටි මෙම බෝට්ටුවේ කාන්තාවන් සහ ළමයින් ඇතුළු 130 දෙනෙකු පමණ සිට ඇති බව බංග්ලාදේශ වෙරළාරක්ෂක අංශ ප්‍රකාශක හමීදුල් ඉස්ලාම් පවසා සිටියේ ය. මේ වන විට පුද්ගලයින් 70 දෙනෙකු බේරාගෙන තිබේ.

බෙංගාල බොක්කේ සේන්ට් මාටින්ස් දූපත ආසන්නයේදී යාත්‍රාව පෙරළී ඇත.

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *