රෝහණදේව තවම ගුවන්විදුලියේ

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති ලෙස පත් වූ රෝහණදේව පෙරේරා තනතුරෙන් ඉවත් කර ඇති බව සඳහන් අන්තර්ජාල වෙබ් පුවත් නිරවද්‍ය නොවන බව වාර්තා වේ. එම පුවත්වලට අනුව අද (3) දාතමින් යුක්තව ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් චූලානන්ද පෙරේරා අත්සන් කළ ලිපියක් ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ වෙත යැවූ බව සඳහන් වේ. එහෙත් අප කළ විමසුමකට පිළිතුරු දුන් ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා පැවසුවේ තමන් තවමත් එවැනි ඉවත් කිරීමක් පිළිබඳව නොදන්නා බවයි.
අභිනව සභාපති රෝහණදේව පෙරේරා ගුවන්විදුලි සංස්ථාවට ශිල්පීය දායකත්වය දුන් නමුත් ස්ථීර කාර්ය මණ්ඩලයේ සේවය කර නොමැත. ඔහු ගුවන්විදුලියේ වැඩ භාරගන්නා අවස්ථාවේ රැස්ව සිටි පිරිස අමතා කියා සිටියේ කතාකරන, අත්පුඩි ගසන ආකාරය පවා වෙනස් කරන්නට තමන්ට වුවමනා බවයි.