රෝගීන් 414 නාවිකයින් අතරින් තවත් රෝගීන්

 රෝගීන් 414 නාවිකයින් අතරින් තවත් රෝගීන්

අද (24) සවස 06 වනවිට කොවිඩ් 19 රෝගය වැළඳී ඇතැයි තහවුරු වූ රෝගීන් ගණන 414 ක් බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළා. එම ගණනට වැලිසර නාවික හමුදා කඳවුරෙන් අලුතෙන් එකතු වූ 30 දෙනෙකුගේ රොගීන් කණ්ඩායමක්ද අයත් බවයි යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ.

අද දිනයේ රෝගීන් ගණනට අයත් සිවිල් පුරවැසියන් අතරින් 06 දෙනෙකු කොළඹ 12 බණ්ඩාරනායක මාවත පදිංචි නිරෝධායනයට ලක්වෙමින් සිටි පිරිසක්. ඉතා කුඩා බිම් ප්‍රදේශයක පවුල් ගණනාවක් පදිංචිව සිටීම නිසා ඔවුන් ව්‍යසනයට ගොදුරු වුණා.

ඒ අතර පෞද්ගලික ආරක්ෂක සේවයේ නිලධාරින්ට වෛරසය ආසාදනය වී නොමැති බව පී.සී.ආර් පරීක්ෂණවලින් තහවුරු වීම නිසා නීතිපති දෙපාර්තමේන්තුව හෙට දිනයේ යළි විවෘත කිරීමට නියමිතයි.

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *