රූපවාහිනී ලොක්කා පොලීසියේ යකා නටයි

තමන් ආණ්ඩුවේ නියෝජිතයා බව පවසමින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා බීමතින් වැලිකඩ පොලීසියේ යකා නටයි

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සුමේධ අතුලසිරි මහතා බීමත්ව රිය පදවමින් තරුණයෙකුට තුවාල සිදු කර තිබේ. අනතුරින් තුවාල ලැබූ 28 හැවිරිදි හසරංග පෙරේරා ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුලත් කෙරිණි.

අධික බීමතින් සිටි රූපවාහිනිය සංස්ථාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාව රිය අනතුර සිදු වූ ස්ථානයේ සිටි පිරිස් විසින් වැලිකඩ පොලිස් ස්ථානයට භාර දී ඇත.

තමන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සිටින ආණ්ඩුවේ එකම නියෝජිතයා බව පවසමිනි පොලිස් නිලධාරීන්ට තර්ජනය කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි. ඒ කිසිවකින් නොසැලුණු පොලිස් නිලධාරීහු රිය අනතුරට අදාළ පැමිණිල්ල සටන් කළහ.

ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා මේ මොහොතේ විදේශගතව සිටින නිසා ඔවුන්ගේ මැදිහත්වීම ලබා දීමට නොහැකි බව පවසමින් හා තමන්ට පවතින තවත් සම්බන්ධකම් ගෙනහැර දක්වමින් පැමිණිල්ල සටහන් කර ගැනීම වැළැක්වීමට සුමේධ අතුලසිරි මහතා දැඩි උත්සාහයක් දරා ඇත. ඊයේ 10 දින ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ කාර්යභාර නිලධාරිවරයා තමා යැයි පවසමින් එම නිසා කුමන තත්ත්වයක් යටතේ වුවද මෙම පැමිණිල්ලෙන් තමන් නිදහස් වන බව පවසමින් පොලිස් නිලධාරීන්ට දැඩි තර්ජනයක් එල්ල කර ඇත.

සුමේධ අතුලසිරි මහතා 2013 වසරේ දී ද බීමත්ව පොලිස් නිලධාරියෙකු හප්පා බරපතල තුවාල සිදු කිරීම හේතුවෙන් දින 14ක් රක්ෂිත බන්ධනාගාරගතව සිටියේය.

ඔහුට අද පෙරවරුවේ ඇප හිමි වූ අතර ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ කනිෂ්ඨ සේවකයෙකු ඔහුගේ ඇප අයදුම්පතට අත්සන් තබා ඇත.

ප්‍රියන්ත කැකුළාවල

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.