රුපියල් 5000 නුදුන්නැයි සමෘද්ධි නිලධාරියාට ගුටි.

 රුපියල් 5000 නුදුන්නැයි සමෘද්ධි නිලධාරියාට ගුටි.

සමිපත් ප්‍රියනන්දන   බළන්ගොඩ

රුපියල්  5000ක  සමෘද්ධි සහනාධාර  මුදල  ලබා නුදුන්නැයි   පවසමින් ඉඔුල්පේ  ප්‍රාදේශිය ලේකම් කොටිඨාශයට අයත්  හල්පේ  සහ නිත්තමළුව යන   ග්‍රාම සේවා  වසමෙි  රාජකාරි  කරන  සමෘද්ධි  සංවර්ධන  නිලධාරීවරයාට  පහර  දුන්  (29) හැවිරිදි  පුද්ගලයෙකු   අද  (13) දා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
එම සමෘද්ධි සංවර්ධන නිලධාරී වරයා  ඊයේ   (12) දි   අදාල  වසමිවල රාජකාරි  සිදුකර පසුව හල්පේ ප්‍රදේශයේ වෙළඳසලක  තේ  පානය කරමින්  සිටින  විට ත්‍රිරෝද රථයකින් පැමිණි  මෙම පුද්ගලයාගේ  පහර දීමට ගොදුරුව ඇත. රැපියල් 5000 හේ  සමෘද්ධි දිමනාව  සැකකරුගේ  බිරිඳගේ  නමට ලබා  දිමට නියමිතව  ඇති බව පොලිසිය කළ පරික්ෂණ වලදි අනාවරණය වි තිබෙි.
මෙි  සමිබන්ධයෙන් පහර කෑමට ලක් වූ  නිලධාරීයා විසින් සමනල වැව පොලිසිය වෙත සිදුකළ පැමිණිල්ලක් මත සමනල වැව පොලිසියේ ස්ථානාධිපති චින්තක විජේසිංහ මහතාගේ උපදෙස් පරිදි  සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. ඔහු  අද (13) දින බලන්ගොඩ මහෙස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *