රිස්වාන් අවසන් ගමන් යයි. පොලීසියෙන් බේරාගත් තරුණිය සුවෙන්
ඉහළ කොත්මලේ ජලාශය හරහා ඉදිකර තිබෙන දුම්රිය පාලමෙන් පනින ලද තරුණිය බේරා ගැනීම සඳහා උත්සාහ කළ 28 හැවිරිදි දෙදරු පියෙකු වන ලිඳුල රත්නිල්ලකැලේ පදිංචි හමිඩ් රිස්වාන් ගේ සිරුරු අද (21)පස්වරුවේ ජලාශයේ තිබී පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායමක් විසින් සොයාගනු ලැබ තිබේ. අද (21)පෙරවරු 10.00 ට පමණ ජලාශයට පැන තිබෙන තරුණිය දියේ ගිලෙමින් සිටියදී, තලවකැලේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රුවන් ප්‍රනාන්දු මහතා විසින් බේරාගනු ලැබිණි. විසි දෙහැවිරිදි මෙම තරුණිය නිවසින් ගෙනා මංගල යෝජනාවකට අකමැතිවීම නිසා දිවිහානි කරගැනිමේ අරමුණින් ජලාශයට පැන තිබෙන බව අනාවරණයවී තිබේ.
ජලාශයට පැන්න තරුණිය දියේ ගිලෙමින් සිටින අවස්ථාවේ ජලාශය අසළ ගොඩනැල්ලක ඉදිකිරීම් කටයුත්තක නිරතව සිටි රිස්වාන් ඇය බේරා ගැනීමට උත්සාහ කිරීමේදී දියේ ගිලී ඇත. එම අවස්ථාවේ අදාල ස්ථානයට පැමිණි පොලිස් ස්ථානාධිපතිවරයා වහා ක්‍රියාත්මක වී ජලාශයට පැන විනාඩි 10 ක පමණ කාලයක් ඇතුළත තරුණිය බේරා ගැනීමට සමත්ව තිබේ. තලවකැලේ පොලිසියේ නිලධාරියෙකු වන පොලිස් කොස්තාපල් 73627)රූබන් මහතාද එම අවස්ථාවේ ජලාශයට පැන ස්ථානාධිපතිවරයාට සහයෝගය ලබා දී ඇත. පොලිස් ස්ථානාධිපතිවරයා විසින් බේරා ගන්නා ලද තරුණිය ප්‍රතිකාර සඳහා ලිඳුල රෝහලට ඇතුළත්කර තිබේ. ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශලට පසුගිය දිනවල ඇද හැළුණු අධික වර්ෂාවත් සමඟ ජලාශයේ ජල මට්ටමද ඉහළ ගොස් ඇත.