රිය අනතුරෙන් බලංගොඩ ගුරුවරියක මිය යයි
කොළඹ බදුල්ල ප්රධාන මාර්ගයේ ඇහැළියගොඩ පරකඩුව ප්රදේශයේ දි මෝටර් රථයක් පාරෙන් ඉවතට ධාවනය වි විදුලි කණුවක ගැටිමෙන් සිදු වු අනතුරකින් පාසල් ගුරුවරියක ඊයේ (15)) දහවල් මියගොස් ඇත.
බලන්ගොඩ පින්නවල ප්රදේශයේ පදිංචිව සිටි බලන්ගොඩ උඩගම ප්රාථමික විදුහලේ සේවය කරන ලලිතා වික්රමසිංහ නැමැති (54) ගුරුවරියක මෙලෙස මියගොස් ඇත. ඇගේ සැමියා වන විශ්රාමික විදුහල්පති වරයා විසින් මෝටර් රථය පදවා ඇත. අනතුරින් ඔවුන්ගේ දියණියද තුවාල ලබා ඇහැළියගොඩ රෝහලට ඇතුළත් කර ඇත. අනතුර සමිබන්ධයෙන් ඇහැළියගොඩ පොලිසිය පරික්ෂණ පවත්වයි.