රිදීමාලියද්දෙ ඉඩම් උක් වගාවට බිලි දුන්නොත් ආණ්ඩුව දාලා ගෙදර යනවා – තේනුක විදානගමගේ
එළඹෙන මැතිවරණයෙන් බලයට පත්වන පොදු ජන පෙරමුණ ආණ්ඩුව මහියංගණ රිදීමාලියද්දේ ජනතාවගේ ඉඩම් උක් වැවීම සඳහා බහුජාතික සමාගමකට බිලි නොදෙනු ඇතැයි තමා විශ්වාස කරන බවද යම්හෙයකින් ආණ්ඩුව එවැනි උත්සාහයක් දැරුවහොත් ජනතාවගේ පැත්තේ සිට ගනිමින් විරෝධය දැක්වීමෙන් නොනැවතී ඉල්ලා අස් වී ගෙදර යන බවද බදුල්ල දිස්ත්‍රික් පොදුජන පෙරමුණ අපේක්ෂක තේනුක විදානගමගේ පැවසීය.
ඊයේ (23) ඇකිරියන්කුඹුර දෙහිගම පැවති ජන හමුවකදී හෙතෙම මේ අදහස් පළ කළේ “තමන්ගේ ඉඩම් උක් වගාවට බහු ජාතික සමාගමකට ලබා දීමේ උත්සාහයක පැවති ආණ්ඩු නිරත වූ අතර නැවත එවැන්නක් සිදු වුවහොත් තම නියෝජිතයා ලෙස කුමක් කරන්නේදැයි තේනුක විදානගමගේ ගෙන් රැස්ව සිටි ජනයා විමසූ අවස්ථාවේය. මේ වනවිට කන්තලේ සීනි කර්මාන්ත ශාලාව වසා දමා තිබෙන නිසා එය නැවත ආරම්භ කිරීම වැනි ඵලදායි කටයුත්තකට අත නොගසා මහියංගණ හා රිදීමාලියද්දේ පරිසරය වනසා දමමින් උක් වැවීම අමනෝඥ බවද එවැනි අමන තීන්දුවලට තමන් එරෙහි වන බවද එහිදී තේනුක විදානගමගේ වැඩිදුරටත් පැවසුවේය.
“පහුගිය කාලෙ ඔය යෝජනාව ආවමත් මම විරුද්ධ වුණා. එහෙම නොකර මහියංගණයේ උපන්න මිනිහෙක් හැටියට මට රෙද්දක් ඇඳගෙන මගේ ජනතාවට මුහුණ දෙන්න බැහැ. මං කියන්නේ මේ ඉඩම්වල අයිතිය තියෙන්න ඕන අපේ ජනතාවට. ඇයි අපිට බැරිද මේ ඉඩම් ජනතාවට බෙදලා දීලා වාණිජ ඒ වගේම තිරසාර කෘෂි කර්මාන්තයකට යොමු කරන්න. දැනට අපි දෙහිගමට, ඇකිරියන්කුඹුරට විදුලිය දීලා ඉවරයි. මෙහේ මහවැලි කලාපෙන් මෙපිට ලොකු වතුර ප්‍රශ්නයක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ලක්ෂ තිස්දාහක ව්‍යපෘතියකින් ජල ගැටලුව විසඳන්න. එහෙම කළාම මේ ඉඩම්වලින් ජනතාවට සෙත සළසන්න පුලුවන්. යැයිද පැවසූ තේනුක විදානගමගේ පෙන්වා දුන්නේ, ඉදිරි සංවර්ධන සැළසුම්වලදී මහියංගණ සංචාරක කලාපයක් ලෙස දියුණු කිරීමට අදහස් කරන නිසා කෘෂි පාදක ආයෝජන හා ව්‍යාපාර අවස්ථා රාශියක් විවෘත වන බැවින් ඒවා ජනතාවට ලබා දිය යුතු බවයි.
පාර්ලිමේන්තුවේ සිටි බදුල්ලේ දැවැන්ත චරිත පසුගිය ආණ්ඩු සමයේ සිරිසේනගේ පසුපස ගාටද්දී එකම විපක්ෂ මන්ත්‍රීවරයා ලෙස තමන් යුතුකම් ඉටුකළ බව දන්නා මහියංගණයේ මෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේම ජනතාවගේ විශ්වාසය රකින්නට කැප වන බවද මෙහිදී පැවසූ තේනුක විදානගමගේ තමන් දේශපාලනයෙන් හරිහම්බ නොකළ අවශ්‍ය අවස්ථාවේ පමණක් සැරපරුෂ එහෙත් සරල සැහැල්ලු මිනිසෙක් යැයිද සඳහන් කළේය.
1 Comment
Hey I know this is off topic but I was wondering
if you knew of any widgets I could add to my blog that automatically tweet my
newest twitter updates. I’ve been looking for
a plug-in like this for quite some time and was hoping maybe you would have some experience with something like this.
Please let me know if you run into anything. I truly enjoy
reading your blog and I look forward to your new updates.
Feel free to surf to my site CBD for Sale