රැගත් සුරා පිරූ විතින් පොලිස් පොතේ ලියූ ලෙසින්

සුරාසැල් වසා දැමූ පසු විකිණීම සඳහා බියර් තොගයක් රැගෙන යමින් සිටි පිරිසක් කහවත්ත ඇන්දාන ප්‍රදේශයේදී අද (21) අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා. බියර් 24 බැගින් අඩංගු ඇසුරුම් 08ක් හෙවත් බියර් ටින් 192ක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන අතර කහවත්ත පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අතුල පෙරේරා මහතා පරීක්ෂණ මෙහෙයවා තිබෙනවා.