රාජ්‍ය නිලධාරීන්ට සහන දෙන චක්‍රලේඛයේ සංවර්ධන නිලධාරීන් නැහැ – සංගමය කියයි.

කොවිඩ් 19 වෛරස් වසංගත තත්වය හමුවේ සෞඛ්‍ය හා ආරක්ෂක ඇතුළු අංශ මෙන්ම ග‍්‍රාමීය මට්ටමින් ජනතාව හා සම්බන්ධ වෙමින් අත්‍යවශ්‍ය සේවාවන්වල නියැලෙන වසම් මට්ටමේ නිලධාරීන් අතරින් සංවර්ධන නිලධාරීන් පිළිබඳව අප්‍රේල් 3,4 සහ 28 දිනැති කිසිඳු චක‍්‍රලේඛයක නිශ්චිත සඳහනක් නොවීම පිළිබඳව සිය සංගමය බලවත් විරෝධය හා කනගාටුව පළ කරන බව සංවර්ධන නිලධාරි සේවා සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි පවසයි. ඔහු පෙන්වා දෙන්නේ මේ නොසළකා හැරීම නිසා අදාල සහන හා දීමනා ලබා දීමේදී සංවර්ධන නිලධාරීන් ඇතුළු MN-04 සහ 05 වැටුප් කාණ්ඩවල නිලධාරීන්ට දැඩි අසාධාරණයක් හා කප්පාදුවක් සිදුවන බවයි.
දිස්ත‍්‍රික් හා ප‍්‍රාදේශීය පාලනයට අයත් සියලූම නිලධාරීන් සඳහා සෞඛ්‍යාරක්ෂිත උපකරණ ලබා දීම හා දිරි ගැන්වීම සඳහා වැඩපිළිවෙලක අවශ්‍යතාවය පිළිබඳ සංවර්ධන නිලධාරි සේවා සංගමය විසින් 03/22 සහ 04/26 දින කරන ලද ලිඛිත ඉල්ලීම් වලට අදාලව චක‍්‍රලේඛ නිකුත් වුවද ඒවා අඩුපාඩු සහිත බව චන්දන සූරියආරච්චි පෙන්වා දෙයි. ඔහුට අනුව දිස්ත‍්‍රික් පාලනය හා ප‍්‍රාදේශීය පාලනය අතවශ්‍ය සේවාවක් කළ දින සිට කාර්යාල නිලධාරීන් මෙන්ම ග‍්‍රාම නිලධාරී, සංවර්ධන නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරී, කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරී වසම තුළ එක්ව සාමූහිකව විශාල වැඩ කොටසක් ඉටු කරනු ලබති. ග‍්‍රාම නිලධාරී වැඩ ආවරණ වසම්වල ඔවුන් වැඩ ආවරණය කළද ඇතැම් තැන්වල අදාළ වැඩ කොටස මේ මොහොතේ ඉටු කර දෙනු ලබන්නේ සංවර්ධන නිලධාරීන් ය. පෙර කී චක‍්‍රලේඛ හා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ චක‍්‍රලේඛ මගින් නිශ්චිතව ග‍්‍රාම නිලධාරීන් හා සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සඳහා ගමන් වියදම් දීමනා, ඉන්ධන, දුරකතන හා නිවාඩු දින 05ක වැටුප් ඇතුළු සහන නිශ්චිතව සඳහන් කර ඇත. එසේ තිබියදී රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට අයත් සංවර්ධන නිලධාරීන් නොසළකා හරිමින් චක්‍රලේඛවල සඳහන් නොකිරීම ආණ්ඩුවත්, ඉහළ රාජ්‍ය නිලධාරීනුත් සිදු කරන බරපතල කප්පාදුවක් බව සංවර්ධන නිලධාරි සේවා සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි වැඩිදුරටත් පවසයි. එමනිසා මෙම වරද වහා නිවැරදි කළ යුතු බව සිය සංගමයේ අදහස යැයි ඔහු සඳහන් කරයි.