රාජ්‍ය නායකයා ප්‍රධාන ආරාධිත වූ උත්සවයේ අනුහසින් අනුලාවේ විදුහල්පතිනියට මාරුවක්

 රාජ්‍ය නායකයා ප්‍රධාන ආරාධිත වූ උත්සවයේ අනුහසින් අනුලාවේ  විදුහල්පතිනියට මාරුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවයට පසු දිනම නු‍‍ගේගොඩ අනුලා බාලිකාවේ විදුහල්පතිනිය වන විශාඛා රාජපක්ෂ මහත්මිය වෙනුවට වෙනත් විදුහල්පතිනි‍යක් එම විද්‍යාලයට පත් කර එවා ඇතැයි වාර්තා වේ. පසුගිය බදාදා (අගෝස්තු 16) අනුලා විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවති එම උත්සවයට අධ්‍යාපන ඇමතිවරයාට ආරාධනා ලැබී නොතිබීම හේතුවෙන් උද්ගත වූ දේශපාලන උදහස හිටපු විදුහල්පතිනියට තනතුර අහිමි වීමට හේතුව වන්නට ඇතැයි විද්‍යාලයේ ගුරුවරු පවසති.

විශාඛා රාජපක්ෂ මහත්මිය විදුහල්පති ධූරයෙන් ඉවත් කර නව විදුහල්පතිනියට වැඩ භාර දෙන්නට නියම කර තිබෙන නමුත් ඇයට නව සේවා ස්ථානයක් ලබා දී නොමැති බවද දැනගන්නට ලැබේ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *