රාජකාරියට බාධා කළ මන්ත්‍රී දෙන්නා අත්අඩංගුවට

මහනුවර මහනගර සභාවේ ඉඩම් අංශයට කඩාවැදී එහි නිලධාරීන්ට බැණ තර්ජනය කරමින් රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නගර සභාවේ එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරු දෙදෙනෙකු පොලීසිය ඊයේ (17) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සිදුවීමට විරෝධය දක්වා නගර සභාවේ සේවක පිරිසක් පසුගිය 15 දා නගර සභාව ඉදිරිපිට උද්ඝෝෂණයකද නිරත වූහ.

සිද්ධිය සම්බන්ධයෙන් ඉඩම් අංශයේ නීති නිලධාරීන් මහනුවර පොලීසියට කළ පැමිණිල්ලකට අනුව අස්මින් මරික්කාර් හා සිරාජ් හසන් නැමැති නාගරික මන්ත්‍රීවරු දෙදෙනා පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

සැකකාර මන්ත්‍රීවරු දෙදෙනා අධිකරණයට ඉදිරිපත්කරන බව පොලීසිය පවසයි.
මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති ඩී.කේ රණවීර මහතාගේ උපදෙස් මත මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ මහනුවර මූලස්ථාන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *