රස්සාවේ ගෞරවය වෙනුවෙන් උසාවියේ පෙනී සිටි පත්තර කාරයා, ගරුමුණි තිලකරත්න

අරණායක ප්‍රාදේශීය මාධ්‍යවෙිදී ගරුමුණි තිලකරත්න මිය ගිහින්. රෙකෝඩර්,හඬපට නැති කාලයේ මාධ්‍ය වාර්තාවක් සමිබන්ධයෙන් අධිකරණය හමුවට කැදවනු ලැබූ ඔහු ගැන මෙි තොරතුරු දන්නවාද???
බොහෝ දෙනෙකුට අරණායක ප්‍රාදේශීය මාධ්‍යවේදී ගරැමුණි තිලකරත්න යන නම හුරුපුරුදු නැතිවා විය හැක.එහෙත් ඒ නම ලංකාවෙි නීතිය සහ මාධ්‍ය ගැන උනන්දුවක් දක්වන සෑම පුද්ගලයෙකු විසින්ම දැනගත යුතු නමක් යැයි මම විශ්වාස කරමි.අධිකරණයට අපහාස කිරීම ගැනත්,මාධ්‍යයේ භාවිතාව ගැනත් බොහෝ දේ කියැවෙන මෙවන් සමයක,තීරණාත්මක නඩු විභාගයක් වන ගරුමුණි තිලකරත්න නඩුව අතිශය වැදගත් බව මගේ විශ්වාසයයි.අධිකරණ වාර්තා තුළිනුත් මීට වසර දහයකට පමණ පෙර මා සමග කළ සුහද කතාබහකදී ගරැමුණි තිලකරත්න පැවසූ දේ අනුවත් එම නඩුව සහ අදාළ සිදුවීම පිලිබද තොරතුරු මෙලෙස පෙළගැස්විය හැකිය.
1989 ජනාධිපතිවරණයෙන් අනතුරුව ශ්‍රිලනිප අපේක්ෂිකාව වූ සිරිමා බණ්ඩාරනායක මහත්මිය ජයග්‍රාහි අපේක්ෂක ආර් ප්‍රේමදාස මහතාගේ පත්වීම අභියෝගයට ලක්කරමින් ජන්ද පෙත්සමක් ගොනු කළාය.එම පෙත්සම විභාගයට ගැනෙමින් තිබූ කාලසීමාවෙිදී, අරණායක අඹලන්තැන්න ප්‍රදේශයේ පැවති ජනහමුවකදී, එවකට කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වූ ධර්මසිරි සේනානායක මහතා කළ කතාවක් දිවයින පුවත්පතේ පළව තිබිණ.1990 නොවැම්බර් 12 වන දින දිවයින පුවත්පතේ “අපිත් ඕනෑම මැතිවරණයකට සූදානමි’ යන සිරස්තලය යටතේ පළවූ එම වාර්තාවෙි අගහරියේ දැනට අධිකරණය හමුවෙි පවරා ඇති ඡන්ද පෙත්සම පරාජයට පත්වුවහොත් එය ශ්‍රී ලංකාවෙි යුක්තියේ අවසානය යැයි ධර්මසිරි සේනානායක මහතා ප්‍රකාශ කළ බවද සදහන් විය. එම රැස්වීම් වාර්තාව දිවයිනට ලියා තිබූණේ එවකට අරණායක දිවයින වාර්තාකරු වූ ගරුමුණි තිලකරත්නය.
මෙම වාර්තාව තුළින් අධිකරණයට අපහාස කිරීම යටතේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙි 105(3)යටතේ නඩු පවරනු ලැබිණ. එහිදී ධර්මසිරි සේනානායක මහතා තමන් එවන් ප්‍රකාශයක් නොකළ බව කියා සිටි අතර දිවයින පුවත්පතේ කතුවරයා වරද පිළිගෙන සමාව අයැද සිටින ලදී. කෙසේවෙතත්, ගරුමුණි තිලකරත්ත වරද පිළි නොගත් අතර ඔහු කියා සිටියේ තමන් වැරදි දෙයක් සිදු නොකළ බවත් තමන් ධර්මසිරි සේනානායක මහතා රැස්වීමෙිදී පළ කළ අදහස් වාර්තා කිරීම පමණක් සිදු කළ බවත් ය. ධර්මසිරි සේනානායක මහතා අදාල ප්‍රකාශය සිදු කළ බව සනාථ කිරීම සදහා රැස්වීමට සහභාගී වූ පුද්ගලයන් පිරිසකගේ දිවුරුමි ප්‍රකාශද ඔහු විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලදී. ඔහු තවදුරටත් අධිකරණය හමුවෙි කියා සිටියේ දේශපාලන වෙිදිකාවෙි කථිකයෙකු පළ කළ අදහස් තමා වාර්තා කළ බවත් එවැනි ප්‍රකාශ ජනතාව එතරමි පිළිනොගන්නා නිසා අධිකරණයට අපහාසයක් සිදුව නොමැති බවත් ය. එමෙන්ම තමන් අදාල වාර්තාව පුවත්පතට ලියා එවුවද එය ප්‍රකාශයට පත් කළේ පුවත්පතේ කතුවරයා බවත් ඔහු දැනටමත් වරද පිළිගෙන ඇති නිසා තමන්ට දඬුවමි නොකරන ලෙසද ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටින ලදී. අදාල වාර්තාව මගින් කිසිවිටක අධිකරණයට අපහාස කිරීමට තමන් අදහස් නොකළ බවද තිලකරත්න අධිකරණය හමුවෙි ප්‍රකාශ කරනු ලැබිණ.
පුවත්පතේ කතුවරයා වරද පිළිගෙන තිබූ පසුබිමක ගරුමුණි තිලකරත්නගේ විත්ති වාචක අධිකරණය විසින් පිළිනොගත් අතර අවසානයේ ශ්‍රේෂ්ඨාධිකරණය ,අධිකරණයට අපහාස කිරිමෙි වරදට ගරැමුණි තිලකරත්න වරදකරු කළද, ඔහුට එරෙහිව දඩුවමි නියම නොකරන ලදී.ඔහුගේ ක්‍රියාවෙි සහ දායකත්වයේ සුලු බව සළකා ඔහුට දඩුවමි නියම නොකළ යුතු බව අධිකරණයේ මතය විය.
මෙම සිදුවීමෙන් වසර පහළොවකට පමණ පසු පැවති එක්තරා හමුවකදී ගරුමුණි තිලකරත්න මෙම සිදුවීම පිළිබදව මා සමග දීර්ඝ කතාබහක නිරත වුණු අතර එහිදී ඔහු පැවසූ දෑ එදාටත් වඩා අදට වලංගු යැයි මට සිතේ.
“ඒ දවස්වල අපට රෙකෝඩර්,කැමරා ,මොබයිල් ෆෝන් තිබුණෙ නෑ. මම කළේ ධර්මසිරි සේනානායක මහත්තය කිවිව දේ නෝට් පොතේ ලියාගත්ත එක.මම ඒක පත්තරේට යැවිව.ඒක දැමිම. අන්තිමෙි වැඩෙි පත්තු වූණා. සේනානායක උන්නැහෙ මම එහෙම කිවිවෙ නෑ කියල පැත්තකට වුණා. පත්තරේ ලොක්කොත් වරද පිළි අරගත්ත. නොකළ වරදක් පිළිගන්න බැරි නිසා මම වරද පිළිගත්තෙ නෑ. අද කාලේ වගේ නමි මට රෙකෝඩර් එක දාල පෙන්නනන්න හරි තිබුණ. උසාවියටත් තේරුණා මට වෙලා තිබූණ දේ. ඒකනෙ මට දඩුවමි නොකළෙ.”
අද අවසන් ගමන් ගොස් ඇත්තේ එදා එළෙස තමා ලියූ දේ වෙනුවෙන් පෙනී සිටි දීර්ඝ කාලයක් අරණායක කේන්ද්‍ර කොටගෙන ප්‍රාදේශීය මාධ්‍යවේදීයෙකු ලෙස කටයුතු කළ ගරුමුණි තිලකරත්නය.
විරංජන හේරත්
ගරුමුණි තිලකරත්න නඩුව 1991(1)SLR 134 යටතේ වාර්තා වී ඇත.