රනිල් හා පෑහීමක් නැහැ. පාර්ලිමේන්තුව කැඳෙව්වොත් ආණ්ඩුවේ මුදල් යෝජනාවකට සහය – කිරිඇල්ල

 රනිල් හා පෑහීමක් නැහැ. පාර්ලිමේන්තුව කැඳෙව්වොත් ආණ්ඩුවේ මුදල් යෝජනාවකට සහය – කිරිඇල්ල

පාර්ලිමේන්තුව නොකැඳවීම නිසා ආණ්ඩුවට මහ භාණ්ඩාගාරයෙන් මුදල් ලබා ගැනීම ගැටලුවක් බවට පත්ව තිබෙන බවත් මේ නිසා ආණ්ඩුව මූල්‍ය අර්බුදයකට ලක්ව සිටින බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. පවතින අර්බුදකාරී තත්ත්වය තුළ භාණ්ඩාගාර නිලධාරීන් ආණ්ඩුවට මුදල් නිකුත් කිරීමට විරුද්ධ බවත් මෙය නිවැරදි කිරීමට කළහැකි හොඳම දේ පාර්ලිමේන්තුව කැඳවීම බවත් ඒ මහතා කීය. පාර්ලිමේන්තුව රැස්කර මුදල් ලබා ගැනීමට යෝජනාවක් ඉදිරිපත් කරන්නේ නම් විපක්ෂය ඊට අවශ්‍යය පූර්ණ සහය ලබාදෙන බවත් එසේ නොවුනහොත් ඉදිරියේදී ආණ්ඩුව දැඩි මූල්‍ය අර්බුදයකට ලක්වනු ඇති බවත් හෙතෙම පැවසුවේය.

රනිල් සජිත් පාර්ශව යළි එකතු වීමක් සිදු නොවන බවත් මේවන විට එජාපයේ අති බහුතරය සිටින්නේ සජිත් පාර්ශවය සමඟ බවත් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය. වසර 2002 මෙන්ම 2015 දීත් ආණ්ඩු බලය ලබා දුන්නත් එජාප නායකත්වයට ආණ්ඩුව රැක ගැනීමට නොහැකි වූ බවද එම කණ්ඩායම සමඟ යළි එකතු වීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් හෙතෙම පැවසුවේය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *