රනිල් ඉන්නෙ මහින්දගෙ සාක්කුවේ. ඒ ඔක්කොම හොරු – කරු කියයි

 රනිල් ඉන්නෙ මහින්දගෙ සාක්කුවේ. ඒ ඔක්කොම හොරු – කරු කියයි

sdr

“අගමැති රනිල් ඉස්තාලෙ වැහුවෙ අස්සයා පැනල ගියාට පස්සෙ. අපි දහසක් පොරොන්දු දීලා ඇවිත් අපේ අයත් මහ බැංකුව කොල්ල කෑවා. ඒ නිසා අපිට රාජපක්ෂලගෙ හොරකම් පෙන්නලා පැත්තකට වෙන්න බැහැ.
ඉතිං රාජපක්ෂල මොකද කළේ කාන්තාවො වඳ කරනවා රට විකුණනවා, අනුරාධපුරයට යන්නත් වීසා ඕන කියලා බොරු කියලා, ඉතිහාසෙ තිබ්බ අශීලාචාරම පට්ට බොරු කියපු මැතිවරණ පොරොන්දු දීලා බලයට ආවා. දැන් මොකද වුණේ, පොහොට්ටුව රට හැදුවද? අද බලන්න බඩු මිල. ආර්ථික ඝාතකයො කොහොමද රට හදන්නෙ. කෝ රණවිරු ප්‍රේමය. කරුණා අම්මාන්ම කියනවා එයා මරපු ගාණ. කෝ ගුරුවරුන්ගෙ වැටුප වැඩි කළාද? අයියා ගිය පාරෙමයි මල්ලි යන්නෙ. රට කරන්නෙ බොරුවෙන්. දැන් සහරාන් එනවා කියන්න බැහැ. කොටි නැගිටිනවා කියන්න බැහැ. දැන් කියන්නෙ විදෙස් කුමන්ත්‍රණ ගැන. මේ කොරෝනා අස්සේ ඒ රටවලට පුලුවන්ද අපිට විරුද්ධව කුමන්ත්‍රණ කරන්න. ඉතිං අපි මොකද කරන්නෙ මේ වර්ගවාදී ආගම්වාදී ආණ්ඩුව වෙනුවට අපි අපේ ආණ්ඩුවක් පත් කරගන්න ඕන. අලුත් අයට ඉඩ නොදුන්න රනිල්ගෙ කට්ටිය පත් කරලා ඒක කරන්න බැහැ. රනිල් මහත්තයට දෙනවට වැඩිය හොඳයි පොහොට්ටුවටම දෙන එක. මොකද රනිල් ගන්න ආසන හතර පහත් දාන්නෙ මහින්ද මහත්තයාගෙ සාක්කුවට. ඉතිං අපි කරන්න ඕන සමගි ජන බලවේගෙ හොරකම් නොකරපු මිනිස්සු දිනවන එක.” යැයි රත්නපුර දිස්ත්‍රික්කයෙන් මහමැතිවරණයට තරඟ වදින සමගි ජන බලවේගයේ අපේක්ෂක කරුණාරත්න පරණවිතාන පැවසීය.

බලංගොඩදී සිය ආධාරකරුවන් අමතා ඔහු පැවසුවේ දූෂිතයන් හා වංචනිකයන් පැරදවීමට ජනයා තීන්දු කරන්නේ නම් මහින්ද සේම රනිල්ද පරාජයට පත් කළ යුතු බවයි. සිරිකොත ගොඩනැගිල්ල පමණක් සන්තකයේ සිටින රනිල්ට අද වනවිට අලියා සහ හෙණ්ඩුවද අහිමී වී ඇති අතර 05 වැනිදා මැතිවරණයෙන් පසුව සිරිකොතද සමගි ජන බලවේගයට පවරා දෙන්නට සිදු වනු ඇති බවද කරුණාරත්න පරණවිතාන මෙහිදී පැවසීය. සැබෑ එක්සත් ජාතික පක්ෂය එමගින් යළි නැගිටිනු ඇති බවද ඔහු එහිලා පෙන්වා දුන්නේය.

“රත්නපුරයට කරු  මොනවද කළේ කියල මේ සෙනග දන්නවා. මං හොරකම් කළේ නැහැ. බොරු කිව්වෙ නැහැ. දේශපාලනයෙන් හම්බ කළේ නැහැ. මට වුවමනා කළේ වැදගත් දේශපාලනඥයෙක් වෙන්න. මං කවදාවත් බොරුවට කෑගහලා වීරයෙක් වෙන්න දැඟලුවේ නැහැ. ඒ නිසා මං දන්නවා රත්නපුරේ මිනිස්සු නිසි තීන්දුවක් ගන්න බව”  යැයිද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *