රන්ජන්ටත් පොංගල් තෑගි

 රන්ජන්ටත් පොංගල් තෑගි

අත් අඩංගුවට ගත් මන්ත්‍රී රංජන් රාමනායක 15 වැනිදා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ. කොළඹ අපරාධ කොට්ඨාශය මාදිවෙල මන්ත්‍රී නිවාසවල රැඳී සිටියදී ඔහු අත්අඩංගුවට ගත්තේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කළ වරෙන්තුවකට අනුවය. රංජන් රාමනායක අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන්නැයි ඉල්ලා නීතිපති දප්පුල ද ලිවේරාගේ උපදෙස් පරිදි කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි. අධිකරණයට හා එහි තීන්දුවලට බලපෑම් එල්ල වන ආකාරයේ සංවාදවල නිරත වී යැයි පැහැදිලි වන දුරකතන පටිගත කිරීම් මන්ත්‍රීවරයාට එරෙහි නඩු කටයුත්තක් ආරම්භ කිරීමට නිමිත්ත වී ඇතැයි දැනගන්නට තිබේ.

ලසන්ත ද සිල්වා

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *