රත්නපුර ලේ හිඟයට කල්තොට බුදුගල පන්සලෙන් පිළියම්. ලේ දන්දීමේ කඳවුර මැයි 10

ජාතික ලේ බැංකුවේ රත්නපුර මහ රෝහල් ශාඛාව වෙත හදිසි අවශ්‍යතාව සළකා රුධිරය පරිත්‍යාග කිරීමේ කඳවුරක් මැයි මස 10 වෙනිදා උදෑසන 10 සිට සවස 03 දක්වා පැවැත්වෙන බව බලංගොඩ කල්තොට බුදුගල රාජමහා විහාරස්ථානය නිවේදනය කරයි. විහාරවාසී බුදුගල සෝමරතන හිමි පවසන්නේ බුදුගල තරුණ බෞද්ධ සංගමය සහ සූර්ය මහාරාජ දහම් පාසල පස්වෙනි වරට සංවිධානය කරන ලේ දන්දීමේ කඳවුර වසංගත ව්‍යාප්තිය හේතුවෙන් මෙවර නොපැවැත්වීමට තීරණය කළත් උග්‍ර ලේ හිඟයක් පවතින නිසා ක්‍රමවත් සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙලක් යටතේ එය පැවැත්වීම මහඟු උපකාරයක් බව රත්නපුර ලේ බැංකුව දැනුම් දුන් නිසා මෙසේ එය පැවැත්වීමට කටයුතු සංවිධානය කළ බවයි. නගරයෙන් දුරස්ථව පවතින නිසා කොවිඩ් -19 ව්‍යාප්තිය පිළිබඳව සැකයක් නොවුණත් දැඩි ආරක්ෂණ ක්‍රමවේද අනුව රුධිරය රැස් කර ගැනීම සඳහා කල්ඇතිව රුධිර දායකයන් ලියාපදිංචි කරගත් බවද උන්වහන්සේ පෙන්වා දෙති.
ඒ අනුව, මුවවැසුම් පැළඳ, නියමිත දුර පරතරය පවත්වා ගනිමින් විහාරස්ථානයට පැමිණිය යුතු රුධිර පරිත්‍යාගශීලීන්ට දෑත් සේදීමේ පහසුකම් සපයා ඇත. එසේම සංවිධායක මණ්ඩලය ඉල්ලා සිටින්නේ, පසුගිය මසක කාලය තුළ කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ තමන්ට හෝ නිවෙසේ යම් අයෙකුට වැළඳී තිබුණේ නම්, පසුගිය මාස තුනක කාලය තුළ විදෙස් ගතව සිටියේ නම් හෝ විදෙස්ගතව සිටි අය ඇසුරු කළේ නම් රුධිරය පරිත්‍යාග කිරීමට පැමිණීමෙන් වළකින ලෙසයි.
හදිසි අවශ්‍යතාව සළකා සංවිධානය කෙරෙන මෙම ලේ දන්දීමේ කඳවුර සඳහා මාධ්‍ය අනුග්‍රහය 97.6 FM ඌව ගුවන්විදුලි සේවය සහ www.sinhala.ejournalist.lk වෙබ් අඩවිය.