රත්නපුර පවුල් 43ක් නිරෝධායනය සඳහා දියතලාවට

ඊයේ රත්නපුර මුද්දුව ප්‍රදේශයෙන් හමු වූ කොවිඩ් 19 ආසාධිතයන් දෙදෙනා ඇසුරු කළ පවුල් 43කට අයත් පිරිස නිරෝධායනයට යොමු කර තිබේ. ඒ දියතලාවේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේදී ය. මේ වනවිට ඔවුන් දියතලාව වෙත පිටත් කර යවා ඇති බව වාර්තා වේ.
අද (09) දිනයේ රත්නපුර සහ පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක වන අතර එම ප්‍රදේශ ඔස්සේ ගමන් කිරීමද තහනම් කර ඇත. මෙම පුවත පළවන අවස්ථාව වනවිටත් රත්නපුර මූලස්ථාන පොලීසියේ ප්‍රචාරක රථ තත්ත්වය පිළිබඳ මහජනතාව දැනුවත් කිරීිමේ කාර්යයේ නිරත වේ.