රත්නපුර දිස්ත්‍රික්කයේ නාය අවදානම ගැන අනතුරු ඇඟවීමක්.

රාස්සගල සමිපත් ප්‍රියනන්දන සහ ඉඔුල්පේ නාලක ජේ. හෙට්ටිආරච්චි
මෝසමි වර්ෂාවට පෙර අන්තර් මෝසමි වර්ෂාව ආරම්භ වී ඇති බැවින් රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්න, වැලිගෙපොල සහ ගොඩකවෙල ප්‍රාදේශිය ලේකම් කොටිඨාශවලට මේ දිනවල පස්වරුවේ මිලිමීටර් 60-70 ත් අතර වර්ෂාපතනයක් පවතින බැවින් නාය අවදානම් කලාපවල පදිංචි ජනතාව ඒ සමිබන්ධයෙන් විමසිලිමත්වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ රත්නපුර ඉංජිනේරු අභීත වනසුන්දර මහතා අද (16) දා පැවැසිය.
රත්නපුර දිස්ත්‍රික්කයම ආවරණ වන පරිදි වර්ෂාමාන ස්ථාපනය කිරිමට කටයුතු කර ඇති බවද එ් මහතා කිය. එයට අමතරව රත්නපුර , අයගම, කලවාන , ඇහැලියගොඩ , කුරුවිට, පැල්මඩුල්ල හා ඕපනායක ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශවලටද පස්වරු 2.00 න් පසු මිලිමීටර් 50 ක පමණ වර්ෂාවක් ඇතිවෙන බවද ඒ මහතා පැවසීය. එමනිසා පොදුවේ රත්නපුර දිස්ත්‍රික්කයේම නාය අවදානම් කලාප වල ජිවත්වන ජනතාව මේ සමිබන්ධයෙන් විමසිලිමත්වීම ඉතා වැදගත් බව අභීත වනසුන්දර මහතා පෙන්වා දුන්නේය.
කොරෝනා වයිරස අවදානම හේතුවෙන් සැම පවුලකම සියළුම දෙනා මේ දිනවල නිවෙස්වල රැඳී සිටින බැවින් වර්ෂාවත් සමග නාය අවදානම් තත්ත්වයක් ඇති වුවහොත් හානි ඉහළ යන නිසා ජනතාව ඒ සමිබන්ධයෙන් දැඩි ලෙස කල්පනාකාරී වීම වැදගත් බව අභීත වනසුන්දර වැඩිදුරටත් පැවැසිය.