රත්නපුර,පැල්මඩුල්ල හෙට වැසේ.

දිස්ත්‍රික්ක 19යක පොලිස් ඇඳිරිනීතිය හෙට (09) උදෑසන 6 සිට පස්වරු 4 දක්වා තාවකාලිකව අත්හිටුවන නමුත් රත්නපුර හා පැල්මඩුල්ල පොලිස් බලප්‍රදේශවලට එය බලනොපාන බව පොලීසිය නිවේදනය කරයි. ඒ අනුව මෙම ප්රදේශවල හෙට දවසේ තවදුරටත් ඇඳිරිනීතිය ක්‍රියාත්මක වේ. එසේම රත්නපුර සහ පැල්මඩුල්ල හරහා වෙනත් ප්‍රදේශවලට ගමනාගමනයද තහනම් කර තිබේ.
අද (08) කොවිඩ් 19 නව ආසාධිතයින් වාර්තා වූයේ රත්නපුරයෙනි. අද මියගිය ගල්කිස්සේ මැණික් ව්‍යාපාරික ආසාධිතයාගේ සම්බන්ධතා ජාලය ඔස්සේ රෝගී වූවන් පිළිබඳවද මීට පෙර රත්නපුරයෙන් වාර්තා විය.
ඒ අතර හෙට දිනයේ බලංගොඩ නගරයේද මහජන පොළ නොපැවැත්වෙන බව සහ සියලු තොග කඩ වසා දමන බව නාගරික බලධාරීන් නිවේදනය කර සිටී. ඔවුන්ගේ සැළසුම තොග කඩ මගින් ගම්බද සිල්ලර කඩවලට ඇඳිරි නීති දිනවල භාණ්ඩ ප්‍රවාහනය කර බෙදා හැරීමයි.