රටට සෙත් පතා දළඳා මාලිගාවේ පිරිත් පිංකම්

කොවිඩ් වසංගත තත්ත්වයෙන් මිදී රටේ ජනතාවට සුවසෙත සැලසේවායි ප්‍රාර්ථනය කරමින් මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහ සංඝරත්නය ලොරි රථයක සකස් කළ පීඨිකාවකට වැඩමකර රතන සූත්‍රය දේශනා කරමින් අද (28) රාත්‍රියේ මහනුවර නගරයේ සියලු වීදී ආවරණය වන පරිදි ගමන් ගත්හ.

පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන,මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන් යන මහත්වරුවන්ගේ අධීක්ෂණය යටතේ මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක මහතා විසින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබීය. 

ශ්‍රී දළදා මැඳුරේ අලුත් මාලිගාවට වැඩම කළ මල්වතු අස්ගිරි උභය මහ විහාරීය අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ප්‍රමුඛ විංසත් වර්ගික කාරක සංඝා සභාවේ නියෝජිත හිමිවරු ඇතුළු මහ සංඝරත්නය එහිදී පැය තුනක  පමණ කාලයක් රතන සූත්‍රය දේශනා  කරමින් ගමන් ගත්හ.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් නිවෙස් වලට වී සිටින ජනතාවට මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් ආමිස පූජාවන්වල රිසි‍සේ නිරත වීමට අවස්ථාව නොලැබුණු අවස්ථාවක මහනුවර පොලිස් කොට්ඨාසය මගින් මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනමගේ අනුශාසාන මත ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ සහයෝගය ඇතිව මහජන සුවසෙත පිණිස අදාළ වැඩපිළිවෙළ දියත් කළ බව චමිල් රත්නායක මහතා කීය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.