රටට ආදර්ශයක්; ජීවනෝපාය අහිමි වූ ක්‍රීඩකයන්ට බලංගොඩ පාපන්දු ලීගයෙන් වියළි ආහාර

 රටට ආදර්ශයක්; ජීවනෝපාය අහිමි වූ ක්‍රීඩකයන්ට බලංගොඩ පාපන්දු ලීගයෙන් වියළි ආහාර

බලංගොඩ නන්දන සමිපත්

බලංගොඩ පාපන්දු ලීගය මගින් පාපන්දු ක්‍රීඩා සමාජ 10ක පාපන්දු ක්‍රීඩකයින් 60 දෙ⁣නෙකුට වියළි ආහාර මලු 60 ක් බෙදා දීම අද (06) දා සිදු කෙරිණි.
කොරෝනා වසංගත ව්‍යාප්තිය හේතුවෙන් ක්‍රීඩකයින්ගේ ජිවනෝපාය අඩාල වී ඔවුහු ගැටලුවකට පත්ව සිටින බැවින් සහනයක් සැලසීම සඳහා එම ආහාර ද්‍රව්‍ය බෙදා දීමට කටයුතු කළ බව බලංගොඩ පාපන්දු ලීගයේ ලේකම් රොහාන් මහින්ද මහතා පැවසීය. රුපියල් 1500 ක් පමණ වටිනා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු මලු බෙදා දීම මෙහිදී සිදු කෙරිණි. භේදයකින් තොරව සිංහල , දෙමළ හා මුස්ලිම් ක්‍රීඩකයින්ට ඒවා බෙදා දෙනු ලැබීය. පාපන්දු ලීගයේ අරමුදලින් එම ආහාර ද්‍රව්‍ය මිලට ගෙන බෙදා දීම සඳහා මුදල් වැයකළ බව එම අවස්ථාවට එක් වු පාපන්දු ලීගයේ සභාපති ශාන්ත ජයසිංහ මහතා සඳහන් කළේය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *