රජවක රක්ෂිතයේ හුණුගල් පොකුණ මහජනයාට තහනම්.

බලන්ගොඩ  සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි  

බලන්ගොඩ  රජවක රජයේ  රක්ෂිතයේ  ඇති හුණු ගල් පොකුණ  නැමැති  ස්ථානය  නැරඹීම  සඳහා  මේ  දිනවල  ඇතැම් පිරිස්, කණ්ඩායමි  වශයෙන්    රක්ෂිතයට  ඇතුළු විමට  පටන්  ගෙන  ඇති  බවත්   එලෙස  රක්ෂිතයට ඇතුළු වන පුද්ගලයන්ට එරෙහිව   වන සංරක්ෂණ  ආඥා පනත  යටතේ   නීතිමය  පියවර ගැනීමට  කටයුතු කරන  බවත්   බලන්ගොඩ  අඩවි වන  නිලධාරී විජයන්ත උපුල් මහතා  පැවැසීය.
 
රජයේ  රක්ෂිතවලට  බාහිර පුද්ගලයන්ට  අවසරයක්  නොමැතිව   ඇතුළු  විමට කිසිම  අයුරකින්   හැකියාවක්  නොමැති  බවද ඒ  මහතා  කීය. ප්‍රදේශයේ  ඇති අවසර ලත්   සංචාරක   ස්ථාන නැරඹීම සදහා  පසුගිය  සති අන්තයේ  පැමිණි   කණ්ඩායමි කිහිපයක්  රජවක  රක්ෂිතයට  අැතුළු  වීමට  යැමෙිදි  අාපසු  හරවා  යැවීමට ද කටයුතු කළ  බව  ඔහු  කීය.
හුණුගල් පොකුණ නැමැති ස්ථානය  නැරඹීම  සදහා  ඉදිරියේදී  පරිසර හිතකාමී  විධිමත්  වැඩ  පිළිවෙළක් සකස්  කරන  තෙක්  එම  රක්ෂිතයට ඇතුළු වීමෙන්  වලකින  ලෙස අඩවි වන නිලධාරි විජයන්ත උපුල්  මහතා ජනතාවට  දැනුම් දෙයි. ලබා  දෙන  උපදෙස්   නොසළකා   රජවක රජයේ  රක්ෂිතයේ පිහිටා ඇති හුණුගල් පොකුණ නැමැති ස්ථානයට  අනවසරයෙන් ඇතුළු වන  පුද්ගලයන් අත්අඩංගුවට ගෙන  වන සංරක්ෂණ ආඥා  පනත  යටතේ  නඩු  පවරා  අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු  කරන බව  බලන්ගොඩ අඩවි වන නිලධාරී විජයන්ත උපුල් මහතා වැඩිදුරටත් පැවැසීය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *