රංජයි නඩුකාරයොයි අතර කතා අගවිනිසුරුට දෙනවා. වාසු කියයි.
හිටපු අමාත්‍ය රංජන් රාමනායක සහ විනිසුරුවරුන් අතර සිදුව ඇතැයි කියවෙන සංවාදවලට අදාල පටිගත කිරීම් සහ අධිකරණ කාර්යයන් පිළිබඳ කරුණු ඇතුලත් දුරකතන කතා අගවිනිසුරු වෙත යොමු කිරීමට රජය අපේක්ෂා කරන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර අද (ජනවාරි12) පැවසුවේය. හෙතෙම මේ බව ප්‍රකාශ කළේ බලංගොඩ බෙලිහුල්ඔයදී මාධ්‍යවේදීන් ඇසූ පැණයකට පිළිතුරු දෙමිනි. එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ මෙවැන්නක් නිසා අධිකරණය පිළිබඳව ඇති විශ්වාසය අහිමි නොවන බවයි.
වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා අද බෙලිහුල්ඔය ප්‍රදේශයේ සංචාරයක නිරත වූයේ ප්‍රදේශයේ පවතින ජල ගැටලුවට පිළියම් ලබා දිය හැකි අන්දම සොයා බැලීම සඳහාය. විශේෂයෙන් සබරගමුව විශ්ව විද්‍යාලය හා ආසන්න ප්‍රදේශවල ජල හිඟය මැඩීම සඳහා රුපියල් මිලියන 50ක වියදමින් නිම කිරීමට යෝජිත නමුත් අතරමග නවතා දමා ඇති ව්‍යාපෘතිය පිළිබඳ ඇමතිවරයාගේ අවධානය යොමු විය.
නලින්ද වලේබොඩ.