රංජනියානු ඇමතුම් ; BBC වෙඩිල්ල අසාම් අමීන්ට පත්තු වෙයි
BBC ආයතනය තමන්ගේ කොළඹ වාර්තාකරු අසාම් අමීන්ගේ සේවය අත්හිටුවා ඇතැයි කලම්බු ටෙලිග්රාෆ් වෙබ් අඩවිය වාර්තා කරයි.
අසාම් අමීන් හා හිටපු ඇමති රංජන් රාමනායක අතර සිදුව ඇතැයි කියන ආන්දෝලනාත්මක දුරකතන ඇමතුම් සමාජ මාධ්‍යය තුළ සංසරණය වීම නිසා කිසිම අභ්‍යන්තර පරීක්ෂණයකින් හෝ ඔහුගේ පාර්ශවයෙන් සිදුවීම පිළිබඳ කරුණු පැහැදිලි කිරීමට ඉඩක් නොතබා මෙලෙස සේවයෙන් පහ කර ඇති බවද කලම්බු ටෙලිග්රාෆ් පුවතෙහි සඳහන් වේ.