රංජන්ගේ දුරකථන කතා ගැන හොයන්න කොමිසමක්.

 රංජන්ගේ දුරකථන කතා ගැන හොයන්න කොමිසමක්.

රංජන් රාමනායක මන්ත්‍රීවරයා විවිධ පාර්ශව හා කළ ආන්දෝලනාත්මක දුරකථන සංවාද හා අදාල සිදුවීම් පිළිබඳ විමර්ශනයට කොමිසමක් පත් කළ යුතු යැයි ඇමති ලක්ෂ්මන් යාපා යෝජනා කරයි. ඇමතිවරයා මේ යෝජනාව ඇතුළත් ප්‍රකාශය සිදු කළේ එක්සත් ජාතික පක්ෂයද රංජන් රාමනායක ගැන තීන්දුවක් ගනිමින් ජනතාව තුළ පාර්ලිමේන්තුව හා අධිකරණය පිළිබඳ ගරුත්වයක් ඇතිවන අන්දමට ක්‍රියා කළ යුතු බව පෙන්වා දෙමිනි. කවර හෝ තැනැත්තෙකු වරදක් කර ඇතිනම් නීතිය ක්‍රියාත්මක විය යුතු බවද කොළඹදී මාධ්‍ය අමතමින් ඇමති ලක්ෂ්මන් ප්‍රකාශ කළේය. ඒ අතර රංජන් රාමනායක මන්ත්‍රීවරයා හා දුරකථන සංවාදයක නිරත වී යැයි පැවසෙන පොලිස් අධිකාරිිි ශානි අබේසේකරගේ වැඩ තහනම් කිරීමට පොලිස් කොමිසම ක්‍රියා කොට ඇත. ඔහුට අදාල සිදුවීම පිළිබඳ විමර්ශනයක් පවත්වා දෙසතියක් ඇතුළත කරුණු වාර්තා කරන මෙන්ද පොලිස් කොමිසම වැඩබලන පොලිස්පති වරයාට දන්වා යවා ඇත.

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *