යෙදවුම් මිළ ඉහළයි – බණ්ඩාරවෙල එළවළු ගොවීන් හාන්සි
කරුණාරත්න පල්ලේගම
එළවළු වගාවට අවශ්‍ය පොහොර සහ බෙහෙත් වර්ගවල මිළ අහස උසට නැග ඇතත් එළවළු අස්වනු සදහා නිසි මිළක් නොමතිවීම හේතුවෙන් මේ වන විට බණ්ඩාරවෙල ප්‍රදේශයේ එළවළු වගාවේ නියුතු ගොවි ජනතාව ජීවත්වීමට නොහැකිව දැඩි අසීරුතාවයකට පත්ව ඇතයි එළවළු වගාවේ නියුතු ගොවි ජනතාව කියති.
බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි ජනතාවගෙන් සියයට අසූවක් පමණ කෘෂිකර්මාන්තයේ නියලෙන අතර එම පිරිසෙන් වැඩි පිරිසක් එළවළු වගාවේ නිරතව සිටිති.
මේ වන විට එළවළු වගා කිරීම සදහා අවශ්‍ය එළවළු බීජ , එළවළු පොහොර , කෘමිනාශක සහ පළිබෝධ නාශකවල මිළ විශාල ලෙස ඉහලගොස් ගොවි ජනතාවට දරා ගැනීමට නොහැකි මට්ටමක පැවතීම නිසා ගොවි ජනතාව ඉතා අසීරුවෙන් එළවළු වගාවේ නියුතු වන අතර එම එළවළු අස්වනු සදහා නිසි මිළක් නොමතිවීම නිසා මෙම ගොවි ජනතාව දැඩි අසීරුතාවයකට පත්ව සිටිති.
මේ වන විට මෙම ප්‍රදේශයේ එළවළු මිළ සීගු ලෙස පහත වැටීම නිසා මේ වන විට එළවළු වගාවේ නියුතු ගොවි ජනතාවට තමන් වැයකළ මුදලවත් සොයා ගැනීමට නොහැකිවීමෙන් තම දරු පවුල් නඩත්තු කිරීමට පවා නොහැකි තත්වයක් ඇතිවී ඇතයි ගොවීහු කියති.
එම නිසා එළවළු වගාවට අවහ්‍ය බීජ , බෙහෙත් සහ පොහොර වර්ගවල මිළ අඩුකරමින් තම එළවළු අස්වනු සදහා ස්ථාවර මිළක් ලබා දෙන්නයි ප්‍රදේශයේ එළවළු වගාවේ නියුතු ගොවි ජනතාව අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.