Protesters run after tear gas was fired during a demonstration against the military coup in Yangon on March 9, 2021. (Photo by STR / AFP)

යැංගුනයේ මාධ්‍ය ආයතන වටලා මාධ්‍යවේදීන් රඳවා ගනී

රට පුරා ව්‍යාප්ත වන මහජන විරෝධතා රැල්ල විකාශය කළ හා ප්‍රචාරයක් ලබා දෙන මාධ්‍ය ආයතන මැඩ පැවැත්වීම සඳහා මිලිටරිමය ක්‍රියාමාර්ග ගනිමින් සිටින මියන්මාර ආණ්ඩුව තවත් මාධ්‍ය ආයතන 02ක් හමුදාව යොදවා වටලමින් මාධ්‍යවේදීන් දෙදෙනෙකු රඳවා ගෙන සිටින බව වාර්තා වේ.  මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීම හා රඳවා ගෙන සිටීම තරයේ හෙළා දකින බව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර ෆෙඩරේෂණය පවසන්නේ අර්බුදකාරී වාතාවරණය තුළ මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාවට තර්ජනය නොකරන ලෙස තමන් මියන්මාර පාලන ජුන්ටාවෙන් ඉල්ලා සිටි බවයි.

කමයූත් මීඩියා හී ප්‍රාරම්භක “හන් තාර් න්යෙන්” සහ ප්‍රධාන සංස්කාරක නේතන් මෝන්ග් පසුගිය 08 වැනිදා යැංගුනයේ පිහිටි ඔවුන්ගේ කාර්යාල වටලා අත්අඩංගුවට ගනු ලැබිණ.  ඇසින් දුටුවෝ පවසන්නේ මෙම ස්වාධීන මාධ්‍ය ආයතන වැටලීමට භටයන් පුරවා ගත් මිලිටරි ට්‍රක් රථ 07ක්වත් පැමිණි බවයි.  ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ලීගයේ ඉහළ පෙළෙහි නායකයෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී මරණයට පත්වීමෙන් මොහොතකට පසුව මෙම අත්අඩංගුවට ගැනීම් සිදු විය.  “සෝව් මියත් ලින්” හමුදා කුමන්ත්‍රණය ආරම්භ වීමෙන් පසු මරණයට පත් වූ අවුන් සාන් සුකී ගේ පක්ෂයේ දෙවන ඉහළ පෙළේ නායකත්වයයි.

සමාජ මාධ්‍ය වාර්තා කරන අන්දමට බුරුම ප්‍රජාතන්ත්‍රවාදී හඬ සහ මිසිමා පුවත් සේවයේ ජනමාධ්‍යවේදීන් කිහිපදෙනෙකුද හමුදා අත්අඩංගුවට පත්ව තිබේ.  මේ වනකවිට මියන්මාර නව් ආයතනය හා සබැඳි පුවත් ඒජන්සි වසා දැමීමට හමුදා නියෝග ලැබී ඇති අතර ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන 05ක බලපත් අවලංගු කිරීමටද ක්‍රියා කර ඇත්තේ හමුදා කුමන්ත්‍රණය පිළිබඳ දිගින් දිගටම කරුණු වාර්තා කළ බැවිනි.  මිසිමා පුවත් සහ බුරුම ප්‍රජාතන්ත්‍රවාදී හඬ ඇතුළු මාධ්‍ය ආයතන 05කට නියෝග නිකුත් කරමින් මිලිටරි ජුන්ටාව පවසා ඇත්තේ, ඒවාට තොරතුරු විකාශය හෝ ලියා පළ කිරීමද කුමන හෝ මාධ්‍ය අවකාශයක් භාවිතා කිරීමද වාරණය කරන බවයි.  එම නියෝග නොතකා මෙම මාධ්‍ය ආයතන ඔන්ලයින් විකාශ පළ කරයි.

මියන්මාර් නව් පවසන පරිදි හමුදා කුමන්ත්‍රණය ආරම්භ වූ පසු මේ දක්වා මාධ්‍යවේදීන් 35ක් අත්අඩංගුවට පත්ව තිබෙන අතර 19ක් මුදා හැර ඇත.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.