යාපනයේ තෙල් පෝලිම් මිනිස්සුන්ගෙම වැඩක්

 යාපනයේ තෙල් පෝලිම් මිනිස්සුන්ගෙම වැඩක්

යාපනයේ ඉන්ධන හල් හිමියන් ව්‍යාජ තෙල් හිඟයක් නිර්මාණය කර ඇතැයි සමාජ මාධ්‍යයන්හී සංසරණය වන පුවත ව්‍යාජයක් බව වාර්තා වේ. අප වෙබ් අඩවියෙහි යාපනය වාර්තා කරු පවසන්නේ බදාදා දින ජනයා තෙල් තොග මිළදී ගෙන රැස් කිරීමට උත්සුක වීම නිසා ඉන්ධන හල් ආශ්‍රිතව අධික තදබදයක් සහ පෝලිම් නිර්මාණය වූ බවයි. ජනයා මෙසේ තෙල් තොග රැස් කිරීමට හේතුව පර්සියන් ගල්ෆ් කලාපයේ ඇමරිකාව හා ඉරානය අතර නොසන්සුන් තත්ත්වයක් වර්ධනය වීම නිසා තෙල් මිළ ඉහළ යා හැකි බව වාර්තා වීමයි. පසුගිය බදාදා දිනය වනවිට බොර තෙල් මිළ ඉහළ ගියද ඉරාන මිසයිල ප්‍රහාරවලට ඇමරිකාව යුධමය ප්‍රතිචාර නොදැක්වීම නිසා නැවත තෙල් මිළ යථා තත්ත්වයට පත් විය. අප වාර්තාකරුට අනුව යාපනය ජනයා තිස්වසරක යුධ සමයේ ලබා ඇති අත්දැකීම් නිසා ඉන්ධන ආශ්‍රිත සරළ සිදුවීමකදී වුව තෙල් තොග රැස් කිරීමට පුරුදුව සිටිති. මෙවර ඉන්ධන හල් ආශ්‍රිත තදබදය කෙරෙහි ඒවායේ හිමිකරු⁣වන්ගේ සම්බන්ධයක් නොමැත. කෙසේ වෙතත් යාපනය හා උතුරු පළාතේ බොහොමයක් ස්ථානවල පවතින ඉන්ධන හල්වල හිමිකරුවන් වන්නේ දේශපාලනඥයින්ය. ශ්‍රීධරන්, අංගජන් රාමනාදන් වැනි දේශපාලනඥයින්ට ඉන්ධන හල් දෙක තුන බැගින් හිමිකම පවතී.

ලසන්ත ද සිල්වා.

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *