යාපනයේ කොරෝනා සැක 44ක් නිදහස්

වෛරසය ආසාදිත යැයි සැක කරමින් රෝහල්ගත කරනලද යාපනයේ පුද්ගලයින් 44 දෙනෙකු සිදුකරන ලද පරික්ෂණවලින් අනතුරුව කොරෝනා රෝගයට ගොදුරු වී නැතැයි තහවුරු වී තිබේ.
යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ටී. සත්‍යමූර්ති මහතා පවසන්නේ, පසුගියදා අරියාලේ දේවස්ථානයක පූජාවට සහභාගී වීමෙන් පසු වෛරසය අාසාදනය වූ දහසය දෙනෙකු ආසන්නව ඇසුරු කළ සහ සැකසහිත රෝග ලක්ෂණ ඇති තැනැත්තන් මෙසේ රෝහල් ගතකර පරීක්ෂා කළ බවයි. පරීක්ෂණයට භාජනය කළ පිරිස අතරින් 39දෙනෙකු යාපනය ශික්ෂණ රෝහලේ සේවකයින්ය.
මේ වනවිට උතුරු පළාතෙන් කොවිඩ් 19 රෝගීන් 17 දෙනෙකු සොයා ගෙන ඇති අතර ඒ යාපනයෙන් දහසයක් සහ වවුනියාවෙන් එක් අයෙකි. වවුනියාවෙන් වාර්තා වූ රෝගියාද යාපනය අරියාලේ ස්විස් දේව මෙහෙයට සහභාගී වූ අයෙකි.

වෛද්‍ය ටී. සත්‍යමූර්ති. අධ්‍යක්ෂ, යාපනය ශික්ෂණ රෝහල

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *