MANJUNG 25 Januari 2015. ( METRO IPM737P ) Salah sebuah bot nelayan yang ditahan ketika menceroboh zon larangan menangkap ikan. STR/Norsharuddin Sapian

යාත්‍රාව ගිනි ගනී. ධීවරයෝ මුහුදට පනී.

හලාවත සිට මුහුදු සැතපුම් පන්සියයකට එපිටින් ජාත්‍යන්තර මුහුදේදී ගිනි ගෙන දැවෙමින් තිබූ මෙරටට අයත් යාත්‍රාවක ස්කිපර් හෙවත් නියමුවා ඇතුළු පිරිස දිවි බේරා ගැනීමට මුහුදට පැන පීනමින් සිටියදී වෙනත් බහු දින ධීවර යාත්‍රාවකින් බේරා ගෙන ඇතැයි වාර්තා වේ. ඊයේ (20) දහවල් මුහුදේ දැඩි කුනාටු තත්ත්වයක් තිබියදී මෙම සිදුවීමට ධීවරයින් පිරිස මුහුණ දුන් අතර ඔවුන්ට දිවි බේරා ගැනීම සඳහා කළ හැකිව තිබුණේ මුහුදට පැනීම පමණි.

හලාවත ඉරණවිල පදිංචි සුනිල් රණසිංහ ,දිනෙත්සංගීත්, ජූඩ් ප්‍රීති, දිලිප් සනිර, චන්දන ප්‍රනාන්දු හා සුසන්ත ප්‍රනාන්දු යන ධීවර කාර්මික පිරිස මෙම අනතුරට මුහුණ දුන්හ. මීගමු ධීවර වරායෙන් සති තුනකට ඉහත ඔවුන් පිටත්ව ගොස් තිබේ.

අනතුර නිසා වින් මැරීන් නමැති යාත්‍රාව මුලුමනින්ම විනාශ වී මුහුදුබත්ව ඇත. තවත් දින කිහිපයකින් ගොඩ බිම වෙත පැමිණීමට හැකි බව අනතුරෙන් දිවි ගලවාගත් ධීවර පිරිස රේඩියෝ පණිවිඩ මගින් ඥාතීන්ට දන්වා ඇත.

යාත්‍රාවේ හිමිකරු සිදුවීම සම්බන්ධව තමන් දැනුවත් කළ බැවින් දිවි ගලවාගත් ධීවර පිරිස ගොඩබිමට පැමිණි පසුව පරීක්ෂණ ආරම්භ කරන බව මීගමුව සහකාර ධීවර අධ්‍යක්ෂ රංජිත් බණ්ඩාර පවසයි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *