මොනරාගල 15ක් පී.සී.ආර් පරීක්ෂණවලට

මත් දුව්‍යවලට ඇබ්බැහි වූවන් විශෝධනය කිරීම සඳහා වන කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවයේ නියුතුව සිටියදී කොවිඩ් 19 රෝගය වැළඳී ඇතැයි තහවුරු වූ මොනරාගල බුත්තල පදිංචිකරුවාගේ ආශ්‍රිතයන් 15 දෙනෙකු අද පී.සී.ආර් පරීක්ෂණවලට භාජනය කර ඇත.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට නිවාඩු ලබා පැමිණීමෙන් අනතුරුව ඔහු මොනරාගල පිහිටි රජයේ කාර්යාල කිහිපයකට සේවාවන් ඉටු කර ගැනීම සඳහා ගොස් ඇත. ඒ අනුව මොනරාගල දිසා ලේකම් කාර්යාල පරිශ්‍රයේ පිහිටි මෝටර් රථ ප්‍රවාහන අංශයට සහ රියදුරු බලපත් නිකුත් කිරීමේදී වෛද්‍ය සහතික ලබා දෙන ස්ථානය වෙතද ගොස් ඇත. එහිදී ඔහු හා සමීපව සිටි එහි පැමිණි සේවා ලාභීන් සහ අදාල ස්ථානවල සේවක පිරිස කිහිපදෙනෙකු කොරෝනා වෛරසයට නිරාවරණය වී ඇතිදැයි සොයා ගැනීම සඳහා මෙලෙස පරීක්ෂණවලට භාජනය කරන ලදී.

මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත අධිකාරී මොනරාගල ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරී වෛද්‍ය තිලිණ වෙල්ලාලගේ මොනරාගල දිස්ත්‍රික් ලේකම් ගුණදාස සමරසිංහ ඇතුළු පිරිසකගේ මෙහෙයවීමෙන් ජීව පටල සාම්පල ලබාගත් අතර ඉක්මනින් ප්‍රථිඵල නිකුත් කිරීමට නියමිතය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *