මොනරාගල උපවාස නීතීඥයාට තනතුර අහිමි වේ.

 මොනරාගල උපවාස නීතීඥයාට තනතුර අහිමි වේ.

අද උදෑසන මොනරාගල නගරයේ ඔරලෝසු කණුව ඉදිරිපිට මාරාන්තික උපවාසයක් ආරම්භ කළ නීතීඥ සංගමයේ මොනරාගල ශාඛාවේ ලේකම් නීතීඥ ඉන්දික විජය බණ්ඩර අත්තනායක සිය සංගමයේ ලේකම් ධූරයෙන් අද (21) දින පහ කළ බව එහි සභාපති නීතීඥ සුසන්ත රත්නායක පවසනවා.

නීතීඥ සුසන්ත රත්නායක සඳහන් කරන්නේ, සිය ලේකම්වරයාට විරෝධතා දැක්වීමේ සහ උපවාස කිරීමේ අයිතිය ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව හිමිවන නමුත් දේශපාලන අභිමතාර්ථ අනුව ක්‍රියා කිරීම සිය සංගමයේ අරමුණුවලට පටහැණි බැවින් අද රැස්වු සාමාජිකයන් ඔහු ලේකම් ධූරයෙන් නෙරපා හැරීමට තීන්දු කළ බවයි. දැනගන්නට ලැබෙන පරිදි උපවාසයේ නිරත නීතීඥ විජය බණ්ඩාර අත්තනායක සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගයෙන් ඡන්දය ඉල්ලීමට නියමිතයි.

මොනරාගල නීතීඥ සංගමයේ සභාපති සුසන්ත රත්නායක

උපවාසය සම්බන්ධ පෙර පුවත මෙතනින්

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *