මොනරාගල අලුත් අවුරුද්ද
"එක ගමේ එක බිමේ අලි මිනිස් අවුරුද්ද ඇත තබයි ඇත් රුවට අලුත් අවුරුදු උළෙල
එකම නැකතට යෙදෙයි ලිප ගින්න මෙළවීම හැළි වළන්වල ඉදෙයි දෙපිරිසම කන කෑම
කඹය අදිනට පැමිණි අලි ඇත්තු සහ පිරිස අදිති හොඬයෙන් කඹය මිනිස් වෙර නොතකාම
එක වැවේ දිය නාන අලි මිනිස් සනුහරය දිය කෙළිති තැනින් තැන එකිනෙකා තුටු කරන
විදුලි වැට අමතකව ගෙවී ගිය අවුරුද්ද පසු දාට එළිය වෙයි නිකුත් කර වැළපිල්ල
නිදි පැදුර මත සිටිමි ඔතාගෙන විදුලි වැට ඇත් කඳුල නෙත රැඳෙයි අසා දුක්මුසු පුවත"
එරික් ඉලයප්පාරච්චි කවියාගේ අබලි කෘතියෙනි.