මේ පාර හදන ආණ්ඩුවට “කොට” මන්ත්‍රීලා නොගන්න බව ඩිලාන් කියයි

“මේ සැරේ එජාපයටයි සමගි ජන බලවේගයටයි මන්ත්‍රි ධූර ලැඛෙන්නේ කොටෙන්. ඒ නිසා අපිට ඒ අයගේ සහයක් ආණ්ඩු හදන්න අවශ්‍ය නැතැ”යි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බදුල්ල දිස්ත්‍රික් අපේක්ෂක ඩිලාන් පෙරේරා වැලිමඩ ගුරුතලාව ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසිය.
තුනෙන් දෙකේ බලය ගන්න එජාපයේ සහය ගන්න අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. අනෙත් දේ තමයි එජාපයට ලැඛෙන්නේ මන්ත්‍රි ධූර කීයද. එජාපයයි සමගි ජන බලවේගයයි දෙකම එකතු කළත් මම හිතන්නේ නැහැ ලොකු මන්ත්‍රි ධූර සංඛ්‍යාවක් ලැඛෙයි කියලා. මේ සැරේ ඒ අයට මන්ත්‍රි ධූර යම් ප්‍රමාණයක් ලැඛෙන්නේ කොටෙන්. ඉස්සර අර ජනතා විමුක්ති පෙරමුණට ලැඛෙන්නේ කොට මන්ත්‍රි ධූර. අන්න ඒ වගේ. කොට මන්ත්‍රිවරු කියන්නේ උසින් අඩු මන්ත්‍රිලා නෙමෙයි. අර ඡන්ද ගනන් හදලා අවසානෙට දෙන මන්ත්‍රි සංඛ්‍යාව. මේ සැරේ ජනතා විමුක්ති පෙරමුණට කොට ඉතිරිය ඇත්තේම නැහැ. ඒ නිසා ඒ කොට ඉතිරිය මේ සැරේ එන්නේ එජාපයට හා සමගි ජන බලවේගයට. කොට මන්ත්‍රිලත් එක්ක මොන ආණ්ඩුද. මොන සන්ධානද. ඒ නිසා අපිට ඒ අයගේ සහය අවශ්‍ය වෙන්නේ නැහැ. ස්ථීර වශයෙන්ම අපිට තුනෙන් දෙකේ බලයක් එක්ක ජය ගන්න පු`එවන්.
මට තරම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කාටවත් කෙනෙහිලිකම් කරලා නැතිව ඇති. මහින්ද මහත්තයා අගමැති කළා කියලා සමහරු මගෙත් එක්ක රන්ඩු වුනා. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය මට විනය පරික්ෂණ තිබ්බා. තාමත් ලියුම් එවනවා. මම දැන් ශ්‍රී ලංකා එකේ නැහැ. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය පක්ෂයක් හැටියට ඒ අයට කරගෙන යන්න තේරෙන්නේ නැහැ. මේ බබාලට පක්ෂය කරන්න බැරි නිකන් න`එවෝ වගේ ඉන්න සූකිරි බට්ටන්ට අපේ පක්ෂයේ තනතුරු දීලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරලා දැම්මා. දැන් මිනිස්සු ඉල්ලන්නේ පොහොට්ටුව පක්ෂය. එජාපයයි සමගි ජන බලවේගයයි හැමදේටම ගැටුම්. එක්සත් ජාතික පක්ෂයේ එක්සත් භාවයකුත් සමගි බලවේගයේ සමගියකුත් නැ. අවසානයේ පක්ෂයකුත් නැහැ. අවසානයේ මට කියන්න තියෙන්නේ ඒ පක්ෂ දෙකට අනිච්චාවත සංඛාරා කියලා තමයි. දැනට රටේ පවතින කොරෝනා දෙවන රැල්ල නිසා මහ මැතිවරණය කල් යන එකක් නැති වෙයි. නමුත් ලොකු රැස්වීම් තියෙන එක නවත්වයි. අපේ පක්ෂයේ මේ සතියේ තැබීමට නියමිතව තිබු රැළි නවත්වන්න තීරණය කරලා තියෙනවා. මම හිතන්නේ මේ වෙන කොට ප්‍රධාන රැළි තියන්න ඕනිත් නැ. ප්‍රධාන රැළි තිබ්බත් නැතත් මේ වන විට ජනතාව තීන්දු කරලා ඉවරයි චන්දය දෙන්නේ පොහොට්ටුවට කියලා. කොරෝනා වසංගත තත්වය හොදටම පාලනය කලේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තුමන් කියලා සිය`එ දෙනා දන්නවා. ඒ පාලනය කරන ගමන් එතුමා උත්සහ කලේ මිනිස්සුන්ව ජීවත් කරවන්න. මේ වෙලාවේ ජනතාව ප්‍රධාන මට්ටමේ රැළි ඉල්ලන්නේ නැහැ. ඒ අය ඉල්ලන්නේ ඉතාම ඉක්මනින් ඡන්දය තියන්න කියලා. ජනතාව ඉවසීමක් නැතිව බලන් ඉන්නවා ඡන්දය දෙන්න පොහොට්ටුවට. සමහර අය අහනවා පස් වෙනිදා නැතිව අනිද්දා ඡන්දය තියන්න බැරිද කියලා. ජාති ආගම් කුළ බේදයකින් තොරව පක්ෂ පාට භේදයකින් තොරව සිය`එ දෙනාම මෙවර ඡන්දය දෙන්න බලන් ඉන්නවා පොහොට්ටුවට යැයිද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා වැඩිදුරටත් පැවසීය.