මෙන්න බෙහෙත. ප්‍රංශයේ සායනික පර්යේෂණවලින් කොළ එළියක්.

ප්‍රංශ රජයේ මෙහෙයවීම යටතේ සිදුකළ අධ්‍යනයක ප්‍රථිඵල ලෙස කොවිඩ් 19 වෛරසය ආසාධනය වූ රෝගීන්ට මැලේරියා නාශක ඔසුවක් වන Hydroxychloroquine සහ Azithromycin ඔසු සංයෝගය සතුටුදායක ප්‍රථිඵල අත්කර දී ඇති බව techstartup.com වෙබ් අඩවිය සඳහන් කරනවා. මෙම වෙබ් අඩවිය පසුගිය බදාදා (18) මේ සම්බන්ධව මුල්ම හෙළිදරව් කිරීම සිදුකරමින් පර්යේෂණයේ සාරථකත්වය පිළිබඳ මුල්ම ඉඟිය පළකර තිබූ අතර, අද (මාර්තු 20) වාර්තා කළේ අපේක්ෂා මල්ඵල ගනිමින් පවතින බවයි. ඇන්ටිමයික්‍රෝබයල් ඒජන්ට්ස් ජාත්‍යන්තර ජර්නලයේ පළවූ අධ්‍යයන වාර්තාව උපුටා දක්වමින් ඔවුන් පවසන්නේ, පෙර කී ඔසු සංයෝගය කොවිඩ් 19 වෛරසය ආසාධනය වූ රෝගීන් 36 දෙනෙකු විෂයයෙහි ප්‍රථිඵල සහිත සහ අපේක්ෂා සහගත සුගතියක් අත්කර දී ඇති බවයි.
මෙම අධ්‍යනයට නායකත්වය දෙමින්, මෙහෙයවූ, Phillippe Gautreta සඳහන් කර තිබුණේ, ඔසු සංයෝගය ලබාදුන් රෝගීන් සියලුම දෙනා දින 06කට පසුව වෛරසවේදයට අනුව සුවපත්ව සිටි අතර වෛරස නිශේධනය වූ බව (Tested Negative) පරීක්ෂණවලින් පෙන්නුම් කළ බවයි. එය 100% ප්‍රගතියකි. “Hydroxychloroquine ඔසුව ලබාදුන් රෝගීන් අතුරෙන් හය දෙනෙකුට Azithromycin ලබාදුන්නා. (මුල් දවසෙ 500mg ඉන්පස්සෙ දවස් 04ක් 250mg බැගින්) ද්විතියික බැක්ටීරියා ආසාධනවලින් ආරක්ෂා වෙන්න. දිනපතා electrocardiogram පාලනය යටතේ” යැයි පර්යේෂක කණ්ඩායම පවසනවා.
මේවනවිට ප්‍රසිද්ධ කර තිබෙන අධ්‍යයන ප්‍රථිඵල තුළ, Gautreta සහ ඔහුගේ පර්යේෂක කණ්ඩායම මාර්තු මුල පටන් මැද දක්වා කාලය තුළ ආරෝග්‍ය ශාලාවලදී දිනපතා Hydroxychloroquine 600mg බැගින් රෝගීන් 20 දෙනෙකුට ලබා දුන් බව සඳහන්. කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන්ගේ රෝග ලක්ෂණවලට අනුව Hydroxychloroquine සමග ප්‍රතිජීවකයක් වන Azithromycin ලබා දුන්නේ බැක්ටීරියාවලින් ඇතිවන ශ්වසන, චර්ම, අක්ෂි, කණ ආශ්‍රිත සහ ලිංගිකව සම්ප්‍රේශනය වන ආදී වෙනත් ද්විතීයික ආසාධනවලට එරෙහිව.
මෙහිදී පාලක පරීක්ෂණය ලෙස රෝගීන් 16 දෙනෙකුට මෙම ඔසු ලබා දුන්නේ නැහැ. දින 06කට පසුව, Hydroxychloroquine සහ Azithromycin සංයෝගය ලබාදුන් රෝගීන් අතර තවමත් වෛරසයට ධනාත්මක (Positive) බව පෙන්නුම් කළේ සියයට 5කට අඩු රෝගින් ගණනක් පමණයි. . මෙම පර්යේෂණයට අදාලව පැරණි මැලේරියා ඔසුවක් වූ choloroquine පමණක්ද කොරෝනා රෝගීන්ට ලබාදුන් නමුත් ඔවුන්ට වඩා මෙම සංයෝජන විකිත්සාව ලද රෝගීන් ප්‍රගතියක් පෙන්නුම් කළා.
අධ්‍යයන ප්‍රථිපල දැක්වෙන ප්‍රස්ථාර


ලසන්ත ද සිල්වා