smart

මුහුද වනසනවා. පොහොර නැහැ. ආහාර සුරක්ෂිතතාව ගැන හිතල මහ පොළව සුවපත් කරමු. “ජාතික ධීවර සහයෝගීතාව”

ත්‍රිකුණාමලය – ලක්මාල් කේ. බදුගේ 

ඉන්දීය ධීවරයන් එක් පැත්තකින් අපේ මුහුදේ මත්ස්‍ය සම්පත නෙලා ගනිමින් සිටිනවා. අනික් පැත්තෙන් නිසි කලට අපට පොහොර නෑ ගොයම බාල වෙලා ලබන අප්‍රේල් වන විට අස්වැන්න ගොඩ ගැනීම පිළිබදව ප්‍රශ්ණ මතුවෙනවා එහෙම තියෙන කොට බඩු මිළ ඉහල ගිහින් ජනතාවට කර කියාගත දෙයක් නැති තැනට පත්වෙලා යැයි ජාතික ධීවර සහයෝගීතාවය මාධ්‍ය හමුවක් කැදවමින් පැවැසීය.

ලෝක ආහාර දිනයට සමගාමීව පැවැති වැඩසටහන් මාලාවේ එක් පියවරක් ලෙස ආහාර සුරක්ෂිතතාව පිළිබදව මාධ්‍ය දැනුම්වත් කරමින් ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ ත්‍රිකුණාමලය උපදේශක එම්. එම්. රහීම් වැඩිදුරටත් මෙසේ කියා සිටියේය. පසුගිය සැප්තැම්බර් 23 වනදා ලෝක ආහාර සමුළුව පැවැත්වුණා ආහාර සුරක්ෂිතතාවය ගැන හැමෝම කතා කරනවා ඒ වුණාට ලෝක ජනහනයට ප්‍රමාණවත් ආහාර දෙන්න ලෝකයට ආහාර නිෂ්පාදනය කරන්න හැකියාවක් නැහැ. මිනිස්සු විසින් ගොඩබිමේ වගේම මුහුදෙත් අස්වැන්න නිකරුණේ වනසමින් ඉන්නවා ආණ්ඩුවට ඒ තත්වය පාලනය කරන්න අවශ්‍යතාවක් නැහැ. ඉන්දීය ධීවරයෝ අපේ මුහුද වනසමින් ඉන්නවා අපේ මත්ස්‍ය අස්වැන්න සොරා ගන්නවා තහනම් දැල් ආම්පන්න දමන ධීවරයෝ අනිත් පැත්තෙන් මහ මුහුද වනසනවා එසේ තිබියදි ආණ්ඩුව කලට වෙලාවට පොහොර දෙන්නෙ නැහැ ඒකෙන් වෙන්නෙ ගොයම බාල වෙලා අස්වැන්න නැති වෙන එකයි කාබනික පොහොර හොදයි ඒක මහ පොලව සුවපත් කරන්න ගෙනාව හොද වැඩක් නමුත් වගාවට හානි කරන කෘමි සතුන්ට එලවා දමන්න රසායනික පොහොර ඕනෑ වෙනවා එහෙම තියෙන කොට ආණ්ඩුව බඩු මිළත් ඉහලට දාලා අනවශ්‍ය වියදම් කරමින් ඉන්නවා ජනතාවට එදා වේල හොයා ගන්න බැරි තැනකට ඇවිල්ලා මේ සදහා කඩිනම් විසදුමක් ආණ්ඩුව දෙන්න ඕන සමාගම් වලට ඕන විදිහට ලෝකය පුරාම දුප්පත් රටවල් පාලනය කරන්න ඉඩ දෙන්න බැහැ සමාගම් ඒකාධිකාරය බිදලා ජනතාවට සහන දෙන්න කටයුතු නොකරන්නේ නම් ආර්ථික වශයෙන් බරපතල අර්බුධයකට රට තල්ලුවි යන්න පුළුවන් යැයි පැවැසීය

මේ අවස්ථාවට උදයම් ගෘහ මුලීක කාන්තා සංවිධානයේ සභාපතිනි චිත්‍රානි මහත්මිය හා සී/ස පෙරියකඩ මා දැල් හිමියන්ගේ සංගමයේ හිටපු සභාපති ඩබ්ලියු. ටී. එස් ප්‍රනාන්දු මහතා ද එක්ව සිටිය

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *